කිසියම් දේශපාලන පක්ෂයක් සිය දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා රණවිරුවන් භාවිත කිරීම සදාචාරාත්මක නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසන අතර ජනාධිපතිවරයා වැඩිදුරටත්‍ෙ කියා සිටියේ රණවිරුවන්ට ජාතියේ උපහාර පුද කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීමට කටයුතු කරනවා මිස කිසිදු අවස්ථාවක ඔවුන් අවතක්සේරුවට ලක් කිරීමට වත්මන් රජය කටයුතු නොකළ බවයි.
‘‘ වයඹ රණ අභිමන්’’ රණවිරු ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකෙලේය. කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේ දී තාවකාලිකව ඉවත් කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව රණවිරු ස්මාරකය කුරුණෑගල මාලිගාපිටිය ක‍්‍රීඩාංගණය අසල ඉදිකර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රණවිරු දඩයමක් පිළිබඳ ඇතැමුන් රජයට චෝදනා කළද සැබෑ ලෙසම රණවිරු දඩයම සිදු කළේ පසුගිය රජය බවයි. වත්මන් රජය අන්තර්ජාතික සහයෝගීතාව තුළ රණවිරුවන්ගේ අභිමානය සුරැකීමට උපරිම අයුරින් කටයුතු කළ බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළහ.

