සිවශක්ති ආනන්දන්ට එරෙහිව දෙමළ ජාතික සංධානය උසාවි යයි

සිවශක්ති ආනන්දන්ට එරෙහිව දෙමළ ජාතික සංධානය උසාවි යයි
Spread the love

දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් චෝදනා සහගත අසත්‍ය ප්‍රකාශයන් සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
 
ඉදිරි දින කිහිපය තුළදී සිය නීතිඥයින් මාර්ගයෙන් සිවශක්ති ආනන්දට එරෙහිව නඩු මගට බසින අතර අයවැයට සහාය විම සඳහා තමන් හැර දෙමළ ජාතික සන්ධානයේ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රුපියල් දෙකෝටිය බැගින් රජයෙන් අල්ලස් ගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් කරන ලද චෝදනාවන් මත මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද හෙතෙම කීය.