2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෙසු රටවල අනුග්‍රහය ඇතිව ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව ලක් රජය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් යුද සමයේ මෙරට සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතීන්ට අනුකූල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඩුවම් දිය යුතු බවත් යුද්ධ වකවානුවක සාපරාධි මනුෂ්‍ය ඝාතන සිදුකිරීම,මානව හිමිකම් කඩකිරීම හා සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම යුද්ධයක් නොව යුද අපරාධයක් බවත් මීට සම්බන්ධ සියල්ලන්ටම දඩුවම් දිය යුතු බවත් ඒ සඳහා ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවත් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා අවදාරණය කළේය.
දෙමළ ජනතා සංසදය සංවිධානය කළ ආණ්ඩුක්‍රම මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මහ ඇමතිවරයා මේ බව කියා සිටියේය.මෙම වැඩසටහන යාපනය වීරසිංහම් ශාලාවේදී ඊයේ (17) පැවතිණි.
සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම යුද්ධයක් නෙමෙයි යුධ අපරාදයක්… විග්නේශ්වරම් අපේ රණවිරුවන් අපරාධ කාරයින් කරයි
