සීකුගේ ප්‍රසන්නගේ තැනට වයස 19යේ ක්‍රිකට් තරුව කැඳවයි ද…?

Spread the love

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන  සීකුගේ ප්‍රසන්න පුහුණු වීම් අතර තුර ආබාදයකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට එළබෙන සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය අහිමිව යාහැකි බව පැවසේ.

ප්‍රසන්නගේ තැනට තෝරා ගැනීම සඳහා  තේරීම් කමිටුවේ අවධානය තවත් නවක ක්‍රීඩකයකු වෙත යොමුව තිබෙනවා. ඒ වනිදු හසරංගයි. මේ අනුව බොහෝ විට ප්‍රසන්න  වෙනුවට හසරංග කණ්ඩායමට එක් වීමේ අවස්තාවක් ඇත.

මෙම තරගාවලිය  ශ්‍රී  ලංකාවේ පැවැත්වීම සහ සිම්බාබ්වේ කණ්ඩායම  සමග පැවැත්වීම හේතුවෙන් නවක ක්‍රීඩකයකු අත්හදා බැලීමට මෙය අවස්තාවක් කර ගන්නවා නම් වැදගත් වේ.

හසරංග ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අතර ඉන් පසුව ක්‍රිකට් ආයතනය චැම්පියන්ස් කුසලානය සඳහා සංචිතය තෝරා ගැනීමට පැවති එක්දින තරඟාවලියදීද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය.

තවමත් 19 වන වියේ සිටින මේ තරුණ ක්‍රීඩකයා මෙතෙක් සහභාගී වී ඇති තරඟ වලදී  පිතිකරුවකු සහ පන්දු යවන්නකු ලෙස කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබෙන්නේ ක්‍රිකට් තරුවක් වන පෙරනිමිති පහල කරමිනි.

capture-20170625-051341

[rns_reactions]