පසුගිය 26 දා දහවල් සිට උතුරු ප්රදේශයට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කිළිනොච්චිය, මුලතිව් මාර්ගයේ ස්ථාන දෙකකටද වවුනියාව කල්මඩු මාර්ගයේ ස්ථාන තුනකටද වර්ෂාව සමඟ හමා ගිය සුළඟ හේතුවෙන් ගස් කඩා වැටීමෙන් අවහිර වී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.මුලතිව් හා වවුනියාව ප්රදේශයට වැඩිම වර්ෂාවක් ලැබී ඇති අතර එම ප්රදේශවල කුඩා වැව් මේ වන විට වාන් දමමින් පවතී.මුලතිව් හා වවුනියාව ප්රදේශයට වැඩිම වර්ෂාවක් ලැබී ඇති අතර එම ප්රදේශවල කුඩා වැව් මේ වන විට වාන් දමමින් පවතී. මුලතිව් ප්රදේශයේ තාවකාලික හා ස්ථිර නිවාස කීපයක්ම ජලයෙන් යටවී ඇති අතර එම නිවාසවල සිටි පවුල් ආරක්ෂිත ස්ථානවලට ගොස් තිබේ.