පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් බවට පිළිගත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ රජයේ තනතුරුවලින් ඉවත් කර පක්ෂයෙන් ද නෙරපා හැරිය යුතු බව කඩුවෙල මැතිවරණ කොට්ඨාශයේ දූෂණ විරෝධී සංවිධානය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කඩුවෙල නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මේ බව කියා සිටියේය.
පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමෙන් ලැබුණු රුපියල් මිලියන 3 ක් සිය මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගත් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මේ වනවිට පිළිගෙන ඇති අතර
ඊයේ (09) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කඩුවෙල නගර සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රියන්ත පත්බේරිය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ සුජීව සේනසිංහ යනු කඩුවෙල ආසනයට පැමිණි මනුස්සකමක් නොමැති පුද්ගලයෙකු බවයි.
ඊට එක්වෙමින් අදහස් දැක්වූ කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අජිත් රොද්‍රිගු ප්‍රකාශ කළේ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාව කඩුවෙලින් පමණක් නොව දේශපාලනයෙන් ද ඉවත් කළ යුතු බවයි.

