සුදු රෙදි කෑල්ලක් උඩ රතු පාට ලේ ටිකක් නිසා අහිමි වු තනිකඩ ප්‍රේමවන්‍තයෙක්ගේ ආදර අවනඩුව…

සුදු රෙදි කෑල්ලක් උඩ රතු පාට ලේ ටිකක් නිසා අහිමි වු තනිකඩ ප්‍රේමවන්‍තයෙක්ගේ ආදර අවනඩුව…
Spread the love
තනිකඩ ප්‍රේමවන්‍තයෙක්ගේ ආදර අවනඩුව
( කෙටිකතාවකි)

කළුවර පාට දිග කොණ්ඩ කිරිල්ලියක් ,ඒ මදිවට කකුල් දෙක ලගට ගෑවෙන තරම් දිගක් , ඒ වගේ කොණ්ඩ අයිතිකාරියකට නිල්පාට ඇස් දෙකක් ඒ ඇස් වල බැල්ම පරදින ශ්වේත සුන්දරත්වයක්… 

මේවගේ කෙල්ලො සුජීව ප්‍රසන්න ආරච්චිගෙ සුරංගනා කතාපොත් වලයි සිහින ආදර කතාවලයි විතරයි තියෙන්නෙ.. ඒ මම හිතන් හිටපු විදිහයි

හැබැයි එයාව හම්බෙනකම් විතරයි …

# එක්ස්කියුස්මී ටයිම් ප්ලීස්
( කරැණාකරල වෙලාව කියන්න පුළුවන්ද )

# ෆෝ ෆිෆ්ටීන්

ගෝල්ෆේස් බංකුව උඩ ඉදපු මගෙ කල්පනාව බින්ද තරහ නිසා මම මූණවත් නොබල කියල දැම්ම…

# තැන්ක්ස් මිස්ටර් …..

අහ් පට්ට වෙයිස් එකක්… ඒ නිසාම මගෙ ඇස් කන්ට්‍රෝල් නැති උන දේ අහන්නත් දෙයක්ද…

වාව්…. පිස්සු හැදෙනවා……..

# කවුරැත් නැත්තම් මම මෙතනින් වාඩි වෙන්නද..

එයා අහද්දි මටම ළැජ්ජ හිතුන ඇඹලය වගේ බලන් ඉදිය නිසා… මට වටපිට බැලුනෙ නිකමට… අපි ලගම ඕන තරම් බංකු තියනව කවුරැත් නැති….

# ම්ම්ම්ම්ම්ම් ඒකට කමක් නෑ මිස් බට් ඕන තරම් බෙන්ච් තියනව කවුරැත් නැති….

# මෙච්චර සෙනඟ ගොඩක් ලග මට තනි වෙන්න ඕන්නෑ මිස්ටර්

එයා එහම කියාන වාඩි වෙද්දි මට ඒ වචන වලට එහා බලන්න දේවල් තිබ්බ නිසා වචන ටික අමතක කරා…

එකපාරට සිය පාරක්ම මම ඒ සුන්දරත්වය ඇස් වලින් විදගත්තා…. දහස් වතාවක් මුහුදු හුලග එක්ක ඔට්ටු උනා ඒ සුවද ලුණු රහින් වෙන් කරගන්න…

# තැන්ක්ස් මිස්ටර් ….

ගෝල්ෆේස් පිට්ටනියෙ විදුලි බුබුළු දැල් වෙන මොහොතක එයා කීවා

# ෆෝ වට්

මම පුදුමයෙන් ඇහුව

# තනි කරපු නැති නිසා….

එයා එහම කියද්දි අහේතුක කිතියක් හදවත පුරාවට දිව්වා…

# මිස්ටත් තැන්ක්ස්

මම එහම කියද්දි ඒ ඇස් අමුතු උනා

# ඒ මොකටද …………….

# ඒවා රහසක්… ආපහු හම්බුනොත් කියන්නම්කෝ… පරිස්සමෙන් යන්න බුදුසරණයි ….

ජීවිතේ පලවෙනි පාරට හිතට එකග නොවී මම නැගිට්ටා.. හිත නම් කීවෙ දාල යන්න එපා කියපු ඒ ඇස් දෙක මග හැරල මම යන්න ගියා….

බස් එකේදි පාරෙදි ඒ වගේම හැම තැනදිම එයාව හොයන එක පුරැද්දක් උනේ මට නොදැනීමයි.. සිය දහස් පාරක් මම මටම ශාප කරගත්තා .. එදා හවස එයාව මගහැරැණ නිසා…
නෑ මගහැර ගත්ත නිසා….

# හායි

ජීවිතේ එපාවෙලා තිබුන දවසක හිතුවෙත් නැති විදිහට fb එකේ මැසේජ් එකක් සටහන් වෙලා තිබුනා…

# හායි… ඩූ යූ නෝ මී ( ඔයා මාව දන්නවද )

ආගන්තුකකාරිට රිප්ලයි කරන ගමන් මම ප්‍රොෆයිල් එක චෙක් කරේ අයිඩියා එකක් ගන්න… ඒත් ඒක ෆේක් එකවුන්ට් එකක්…

# මම ඔයාව දන්නෙ නෑ ඒත් මං ඔයාව දන්නව….

ටික වෙලාවකින් රිප්ලයි එකක් ආවත් ඒක ප්‍රෙහෙලිකාවක් උනා….

ඔහොම පටන් ගත්තු ආගන්තුකකාරිට මම දවසින් දවස ආදරේ කරන්න පටන් අරන් තිබුනේ මටත් නොදැනීමයි…

# මම ඔයාට ආදරෙයි මැණික

ඉවස ගන්න බැරි උන දාක මම එහම කීවා….

ජීවිතේ කිසිදාක දැකල නැති අදුරන් නැති කෙල්ලෙක්ට මම ජීවිතේ පලවෙනි පාරට කීවා

# මට සමාවෙන්න මම ඔයාට එහම බලාපොරොත්තු වෙන විදිහට හැසිරැනාද අයියෙ….

එයා අහද්දි මට පුදුම හිතුනා… පුදුමයටත් වඩා ලැජ්ජා හිතුනා… මම එහම දෙයක් ඇහුවෙ ඇයි කියල…

ඒත් දවසින් දවස එයා මාව මගහරිද්දි මටම දැනුනා මාව ටිකෙන් ටික මැරිල යන හැටි….

# මැණික ……

# ම්ම්ම්ම්ම්ම්ම්ම්

# ඔයා මට පොඩ්ඩක්වත් ආදරේ නැද්ද මැණික

# මම ඔයාට ආදරෙයි අයියේ…..

# එහනම් ඔයා මාව මගහරින්නෙ ඇයි???

# මගෙ ආදරේ වෙනස් දෙයියනේ.. තේරැම් ගන්න… මම ඔයාට ආදරේ අප්පච්චි කෙනෙකුට දුවෙක් ආදරේ කරනව වගේ… අයිය කෙනෙකුට නංගි කෙනෙක් ආදරේ කරනව වගේ

# ඒත් මට ඕනේ ඔයාව එහම නෙමෙයි සුදු මැණික

# අපරාදේ අයියෙ මම ඔයාට මැසේජ් කරේ… එහම කරානම් මෙහම වෙන්නෙ නෑනේ….

එයා එහම කියද්දි මගෙ පපුව වෙනදට වඩා රිදුන…..මොකද මම ආදරේ කරපු නිසා… ඔය විදිහට ගෙවුන දවස් ගාණකට පස්සෙ එක දවසක්

# සුදු මැණික උම්ම එකක් දෙන්නකො……

මම ඉල්ලුවේ හම්බෙයි කියන බලාපොරොත්තුවෙන් නෙමෙයි හිත රවට්ට ගන්න ඕනෙ නිසයි…

# උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාමාමා….

ජීවිතේ හිතපු නැති දවසක එයාගෙ පලවෙනි උම්ම එක මට හම්බුනා…. ඒක මට මහ මෙරක් වගේ උනා…

# මට ඔයාව ඕනේ සුදු මැණික … හැමදාටම

හිත ඇතුලෙ දහසක් බලාපොරොත්තු තියන් මම කීවා..

# මට ඒක කරන්න බෑ දෙයියනේ…

# ඒ ඇයි සුදු මැණික

# මම වෙන කෙනෙක්ගෙ වෙලා ඉවරයි අයියේ…

# කමක් නෑ නංගී ඒ පරණ ජීවිතේ අමතක කරමු අපි

# ඔයාට තේරෙන්නෑ දෙයියනේ.. මම පිරිසිදු කෙල්ලෙක් නෙමෙයි

# ඒ කීවෙ

# මගෙ වර්ජින් එක නෑ අයියේ

ජීවිතේ මම කවදාවත් එහම වචන ටිකක් එයාගෙන් අහන්න හිතුවෙ නෑ… මටත් හොරාට ඇස් වලින් කදුළු කඩන් වැටුන…

# කමක් නෑ නංගියේ මට ඕනේ ඔයා විතරයි …

# ඒත් මම කොහොමද දෙයියනේ එයා ගැන හිත හිතා ඔයාගෙ වෙන්නෙ…

# මාව දාල යන්න එපා සුදු මැණික මම මැරෙයි …

පලවෙනි පාරට මටම මම අසරණයි කියල තේරැනා…

# ඔයාට මාව තේරෙන්නෑ. මම ඔයාගෙ ජීවිතේට එන්නෙ නෑ.. මම යනව … මට සමාවෙන්න අප්පච්චි ….

එහම කියපු එයා යන්න ගියා… මාව තනිකරල යන්න ගියා… එයා අන්තිමට ෆොටෝ එකක් එවල තිබුනා … ඒ තමයි මගෙ ෆේස්බුක් ප්‍රේමවන්තිව මම දකින පලවෙනි දවස…

ඒ වෙන කවුරැත් නෙමෙයි ජිවිතේ හැම තප්පරේම මම හොයපු ඒ ඇස් දෙක තමා ඒ… ඒ එයාමයි… ඒත් එයාට මගෙ නම කොහෙන්ද… ලොකු ප්‍රශ්නයක් ඉතුරැ කරල එයා යන්න ගියා….

කන්න ගත්තු බත් කට කාගන්න බැරිව බල්ලට දාන තරමට මම දුර්වලයෙක් උනා…

රෑ පුරාවට ඇහරිලා එයා ඔන්ලයින් එයිදො බලන තරමට මම පිස්සෙක් උනා…

ජීවිතේ හැම තප්පරේම ෆෝන් එක අතේ තියන් එයාව හොයපු හිරකාරයෙක් උනා…

වරැ ගනන් මහ රෑට ලෝකෙටම හොරෙන් අඩන බොලඳ ප්‍රේමවන්‍තයෙක් උනා…

අන්තිමට ඒ පිස්සුව කොච්චරක්ද කියනවනම් කාටවත් කියාගන්න බැරිව දුක හිතේ තියන් බෙහෙත් බොන මානසික ලෙඩෙක් උනා මම

මම අදටත් මගේ කතාව කාටවත් කියාගන්න බැරිව අඩනවා … කටක් ඇරල කාට කොහොම කියන්නද දෙයියනේ මේක…

සුදු රෙදි කෑල්ලක් උඩ රතු පාට ලේ ටිකක් හොයන අවුරුදු 2500 ක සංස්කෘතියට මම අදත් සාප කරනව

කාමරයක් ඇතුලෙ මගෙ කෙල්ලව ගෑණියෙක් කරල දාල ගියපු ඒ නරැමයට මම අදටත් සාප කරනව

තමන්ගෙ හැගීම් වලට වහල් උන කෙල්ලට මම අදටත් වෛර කරනවා…

දෙයියනේ ඇයි ආදරේ කරපු වරදට මට මෙච්චර දඩුවමක් දුන්නෙ… ඇයි එයාට තේරැම් ගන්න බැරි උනේ මගෙ හිත.. ඇයි එයාට බැරි උනේ මගෙ වෙන්න… ඇයි එයා හිතුවෙ රතු ලේ ටිකකින් මම සැනහෙන එකෙක් කියල…

නෑ සුදු මැණික …

ලේ ටිකක් ඉල්ලන එකෙක් නෙමෙයි මම.. ඒක ඔයාට තේරැම් ගන්න තිබ්බ..

ඔය අත් වලින් අල්ලන් ලංකාව වටේ යන්න හිතපු හීන උඹ මරල දැම්ම……..

ඔය පපුවෙ තුරැල් වෙලා ආදරේ හොයන්න හිටපු ආදරවන්තයාව උඹ මරල දැම්මා….

ජීවිතේ පුරාවට ඔය ඇස් වලට හිටපු මාව කළුවරක තනිකරා……

සුදු මැණික මගෙන් මුකුත් අහන් නැතුවම උඹ මාව වැරදි කාරයෙක් කරල ආදරේ කරපු වරදට මාව වැරදි කාරයෙක් කරල මගෙ නින්ද සැනසීම උදුරන් මුකුත් නැති පිස්සෙක් කරා…

තරහ නෑ සුදු මැණික අද වගෙම හෙටත් ජීවිතේ පුරාවටමත් මම බලාන ඉන්නව… උඹ ඒවි කියල…

ඒ දවස වෙනකම් මේ පිරිමි ඇස් වල කදුල නොනවතීවි
😭
😭
😭
😭
😭
රෂ්මිත ඩිල්ෂාන්

ජීවිතේ පලවෙනි පාරට මෙහෙම දෙයක් අකුරැ කරන්න හිතුනේ සමාජ සම්මතයන් නිසා පීඩා විදින්නේ ගැහණුන් පමනක් නොවන බව පෙන්වීමට හා හැමදාම තනි වෙන්නෙ කාන්තාවන් පමණක් නොවන බව පෙන්වීමටයි…

අහිමි ප්‍රේමයක් නිසා අඩන පිරිමි ජීවිත ඕන තරම් අහන්න දකින්න තියනවා… හැබැයි ඒ කදුලු වලට සමාජයේ වටිනාකමක් නෑ.. තියෙන්නෙ සමච්චලයක් …..

පුළුවන් නම් ශෙයාර් කර තවත් පිරිමි කඳුළක් නවත්තන්න .. බුදුසරණයි

 — තනිකඩ හිත් දැනෙමින්.