සුප්‍රකට අනාවැකිකරු බබා වැන්ගා පූටින් ගැන තක්කෙටම කියපු හැටි මෙන්න (PHOTOS)

සුප්‍රකට අනාවැකිකරු බබා වැන්ගා පූටින් ගැන තක්කෙටම කියපු හැටි මෙන්න (PHOTOS)
Spread the love

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියාවට ශක්තිමත් නායකයකු වෙනවා පමණක් නොව, ඔහු මුළු ලොවම පාලනය කරන නායකයකු වනු ඇතැයි ලෝක සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදිව අනාවැකි පළ කළ බාබා වැන්ගා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

‘රුසියාවට ශක්තිමත් නායකයෙක් පහළ වෙනවා. ඔහු දිගටම ධුරයේ රැඳී සිටිනවා. යුරෝපයේ බලය හීන වෙද්දී, ඔහු ලොවට ශක්තිමත් නායකයෙකු වෙනවා’ යැයි බාබා වැන්ගා අනාවැකි පළ කර ඇත්තේ 1979 වසරේදීය.

බාබා වැනන්ගා බල්ගේරියානු ජාතික කාන්තාවකි. මැය අන්ධ තැනැත්තියකි. බාබා වැන්ගා මියගියේ 1996 වසරේය. මියයද්දී ඇය 85 හැවිරිදි වියෙහි පසුවූවාය.

2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරය ඇතුූ මුළු ලෝකයටම බලපෑම් වන ආකාරයේ වැදගත් සිදුවීම් රැසක් පිළිබඳ බාබා වැන්ගා ඉතා නිවැරදිව අනාවැකි පළ කර තිබේ.

රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට, වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගියදා සමත් විය.

ජයග්‍රහණය සඳහා සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නියමිතව තිබුණ ද පුටින් ජයග්‍රහණය කළේ සියයට 76 ක ඡන්ද ප්‍රතිශතයකිනි.

රුසියානු ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් මීට පෙර මෙතරම් ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන නැතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.