සුපිරි බොලිවුඞ් නිළි ‘කියාරා’ගේ නිරුවත් දින දසුන බොලිවුඩය ගිනි තියලා

සුපිරි බොලිවුඞ් නිළි ‘කියාරා’ගේ නිරුවත් දින දසුන බොලිවුඩය ගිනි තියලා
Spread the love

නිරුවත හෝ අඩනිරුවත බහුලව භාවිත වෙන්නේ හොලිවුඞ් සිනමාවේ වුණත් දැන් දැන් බොලිවුඞ් සිනමාවෙත් නිරුවත හීන් සීරුවේ කලඑළි බසිමින් තිබෙන බව සිනමා විචාරකයෝ කියනවා. ඔවුන් කියන්නේ තාම හොලිඩුවය තරමට ‘බය’ නැති වී නැතත් නවක නිළියන් බොහෝම ඉක්මනින් සළුපිළි උනා දමන දවස වැඩි ඈත නොමැති බවයි.

මේ කතාව සත්‍යයක් බව තහවුරු කරන මෑත කාලීන උදාහරණ කිහිපයක්ම ඔවුන් ඉදිරිපත් කරනවා. ඒ අතර අතිෂය උණුසුම් උදාහරණය වන්නේ නවක බොලිඩුව් නිළි ‘කියාරා අද්වානි
Kiara Advani ’ විසින් කළ වැඩක්. කියාරා කියන්නේ බොලිවුඩයේ ජනප‍්‍රිය නවක නිළියක්. ඇයගේ සරාගී පෙනුමට වත්මන් බොලිවුඞ් රසිකයෝ පෙම් බැඳගෙන සිටිනවා.

ඉතිං කියාරා 2020ට පිවිසුණේ බොලිවුඞ් සිනමා රසිකයින්ට පමණක් නොවෙයි සමස්ත ඉන්දියානුවන්ට ම අලූත් අත්දැකීමක් ලබා දෙමින්. ඇය 2020 වර්ෂය සඳහා වන දින දර්ශනයක් සඳහා නිරුවතින් පෙනී සිටියා.

මේ ඡායාරූප ලබා ගත්තේ බොලිවුඩයේ අතිෂය ජනප‍්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන ‘ඩබ්බු රත්තානි
Dabboo Ratnani’s ’යි. ඒත් ප‍්‍රශ්නේ ඇති වුණේ වෙනත් තැනකින්. කියාරා පෙනී සිටි ආකාරයේම ඡායාරූපයකට 2002දී එවකට ජනප‍්‍රිය බොලිවුඞ් නිළියක් වුණ ‘තාබූ’ පෙනී සිටි තිබෙනවා.

ඒ ඡායාරූපය ගෙන තිබෙන්නේ ‘මාරි බාරිෂ් Marie Bärsch නම් ඡායාරූප ශිල්පියා විසිනුයි.

අද ගැටුම ඇති වෙලා තියෙන්නේ මේ ඡායාරූප ශිල්පීන් දෙදෙනා අතරයි. ඔවුන් බොලිවුඩයට ගිනි තබමින් එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටින බවයි බොලිවුඞ් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉතිං, දැන් තමයි ඉන්දියානුවන්ගේ ඇස් ඇරිලා තියෙන්නේ. ඔවුන් අන්තර්ජාලය පෙරළමින් තාබුගේ සහ කියාරාගේ මේ ‘ගින්දර’ ඡායාරූපය සොයමින් ඉන්නවාලූ.

Text – Thushadhavi