සුමධුර ධර්ම දේශක භික්‍ෂුවක් විසින් අපයෝජන කලැයි කියන සාමනේර දෙනමක් රන්ජන් සොයාගෙන එයි (වීඩියෝ)

සුමධුර ධර්ම දේශක භික්‍ෂුවක් විසින් අපයෝජන කලැයි කියන සාමනේර දෙනමක් රන්ජන් සොයාගෙන එයි (වීඩියෝ)
Spread the love

විහාරස්ථානවල වැඩිහිටි භික්ෂූන් වහන්සේලා අතින් ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනකු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මුණ ගැසී පැමිණිලි කර තිබේ.

රාමනායක මහතා සමඟ ඔවුන් එක්ව මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර සාමණේර හිමිවරුන්ගේ දෙමව්පියන් ද එම හමුවට සහභාගි වූහ.

සුමධුර ධර්ම දේශක, මාපිය වන්දනා කරවන හිමි නමකට එහිදී චෝදනා එල්ල විය.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් මහනායක හාමුදුරුවරුන්ට දැනුවත් කරන බවද රාමනායක මහතා එහිදී පැවසීය.