සුවසැරියෙදී තවත් දරු උපතක්..

Spread the love

1990 ඉන්දියානු ගිලන්රථ සේවය ආරම්භ කරන කොට පාර්ශව රැසක් විරෝධය පළකර සිටියත් මේ වන විට එහි යහපත් ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා.

මාර්තු 20 වැලිගම ප්‍රදේශයේ 23 හැවිරිදි මවක් සිය තෙවැනි දරුවා බිහිකරේ මෙම 1990 ගිලන් රථයක් තුලදී වන අතර 
දරු ප්‍රසූතිය සදහා ගිලන් රථයේ කාර්යමණ්ඩලය අවශ්‍ය උපකාර කර තිබෙනවා.

දැනට 1990 ගිලන්රථ සේවය ගර්භනි මවුවරුන් 4 දෙනෙකුගේ දරු ප්‍රසූතීන් සිදු කර තිබෙන බවත් වාර්තා වේ.

පැය 24 පුරා ක්‍රියාත්මක මේ ගිලන්රථ සේවය ලබාගැනීම වෙනුවෙන් දුරකථන අංක 1990 සමඟ ඕනෑම දුරකථන ජාලයකින් සම්බන්ධ වීමෙන් නොමිලේ සේවය ලබාගැනීමට හැකියාව සලසා තිබෙනවා.