සුව ඇමතිගේ වැඩ බලන්න කාටත් නොකියා ජනපති මෛත්‍රී හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයට

සුව ඇමතිගේ වැඩ බලන්න කාටත් නොකියා ජනපති මෛත්‍රී හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයට
Spread the love

පසුගිය දිනවල දකුණු පළාත තුළ පැතිර ගිය වෛරස් උණ රෝගය පාලනය සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබද සොයා බැලිමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) පස්වරුවේ හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

එහිදී අදාළ නිලධාරින් සමග සාකච්ඡාවකට එක්වූ ජනාධිපතිතුමා රෝග ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන කඩිනම් වැඩපිළිවෙළ පිළිබද සොයා බැලූ බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් කාසිම් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ දකුණු පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ අතුථ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, වසංගත රෝග පිළිබද අංශයේ විශේෂ වෛද්‍යවරුන් ඇතුථ සෞඛ්‍ය බලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.