ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
කොල්ලුපිටිය මුහුදුබඩ දුම්රිය මාර්ගය අසල සිට ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි එකම පවුලේ අයියා මලෝ දෙදෙනකු ඊයේ (11 වැනිදා) සවස 6.15 ට පමණ කොළඹ කොටුව සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ හැපී මරුමුවට පත්විය.
දුම්රියේ හැපුණු බාල සොහොයුරාගේ සිරුර තැලී පොඩිවී ගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ අනුරාධපුරය නව නගරයේ පදිංචිව සිටි ශෂී මධුෂාන් රණවීර (25) නමැති අයියා සහ තීක්‍ෂණ ලක්‌ෂාන් රණවීර (12) නමැති මල්ලී බව පොලිසිය සඳහන් කළේය. මියගිය ශෂී මධුෂාන් ඊයේ (11 දා) සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එහිදී කටුනායක ගුවන්තොටුපළට ගිය ඔහුගේ මව, පියා බාල සොහොයුරා ඇතුළු ඥතීහු පසුව ඔහු සමග කොටුව ගාලු මුවදොරට විනෝදවීමට පැමිණ ඇත.
එහිදී වෙරළේ සුන්දරත්වය විඳ පසුව ඔවුන් කොල්ලුපිටිය ප්‍රදේශයට ගොස් තිබේ.
එහිදී මියගිය ශෂී සහ ඔහුගේ බාල සොහොයුරා දුම්රිය මාර්ගය අසල හිඳ ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූප ගනිද්දී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී ඇතැයි සිදුකළ පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
සිද්ධිය සම්බන්ධව කොල්ලුපිටිය පොලිස් ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියදර්ශන සිල්වා මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක වික්‍රමරත්න මහතා ඇතුළු කණ්‌ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
[rns_reactions]