සොහොයුරිය SLIIT යවලා සරසවි සිසුන් නොමග යවන ලහිරුගේ හෙළුව එලියට..

Spread the love

ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳගේ කලින් විවාහයේ දරුවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු බව මේ දිනවල සමාජජාල මාධ්‍ය වල දැඩි සේ කතා බහට ලක්වනවා.

පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව ප්‍රභල විරෝධතාවයක් දක්වන ජවිපේ සහ අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය වැනි දේශපාලන කල්ලි කණ්ඩායම් වල ප්‍රධානීන්ගේ දරුවන් සහෝදර සහෝදරයින් සහ සමීපතම ඥාතීන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේම සහ විදේශ රටවල පෞද්ගලික අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබන බව මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

අප මේ හෙළිදරව් කරන්නේද එවන් එක් කරුණක් පිළිබඳවයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හැදින්වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි සටනේ ප්‍රධාන නියමුවා ලෙසයි. කලින් කලට සයිටම් විරෝධී උද්ගෝෂණ වල ජායාරූප හරහා ඔහු දැවැන්ත චරිතයක් ලෙස හුවා දැක්වීමට අන්තරේ සාමාජික්යින් උත්සාහ කරනවා. එසේම ඔහුගේ නායකත්වයෙන් සිදුකල පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සටන් වලින් අපේ රටට අහිමි වූ ධනය සහ මිනිස් පැය ගනන ඉතා විශාලයි.

මෙසේ අරගල කරන ලහිරුගේ එක කුස උපන් සහෝදරිය වන තිලිණි වීරසේකර මහත්මිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්ව විද්‍යාලයේ 2010 කණ්ඩායමේ ඉගෙනුම ලැබූ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගෙන ඇති බව අපට වාර්තා වී තිබේ.

ඇයගේ උපාධි ප්‍රධානෝත්සවයට පවා ලහිරු වීරසේකර සහභාගී වූ බවට ඔවුන්ට සමීප ආරංචිමාර්ග අප වෙත ප්‍රකාශ කල බව සදහන් කල යුතුමය..

ලහිරු වීරසේකරගේ සහෝදරිය පවා ඉගෙනගන්නා පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරන ලෙසට ඉල්ලමින් ඒ අක්කාගේ මල්ලීම විශ්ව විද්‍යාල සිසුන් කුලප්පු කිරීම කෙතරම් විහිලුවක්ද?

සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිසුන් කුලප්පු කරන දේශපාලන ව්‍යාපාර වල පාහර ජඩ නායකයින් සිය දරුවන් සහ පවුල් වල සාමාජිකයින්ට යෙහෙන් වැජඹීමට අවශ්‍ය පරිසරය සකසා දී තිබේ.

තව වසර පහකින් ළහිරුගේ තනතුරට තවත් එක් නරියෙකු පත්වනු ඇත. ලහිරු සහ පවුලේ අය උගත් ධනවත් සමාජයේ වැජඹෙමින් අර නරියා පෙරටු කරගත් හරක් රැළ කෑගසන අයුරු දෙස බලා සිනා සෙනු ඇත.

[rns_reactions]