‘සෝෆා ගිවිසුම’ අත්සන් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා.
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසුවා.
එහිදී ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ‘මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට පෙර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම එම ගිවිසුමට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිව හිමිවිය යුතුයි. එවැනි අනුමැතියකින් තොරව වත්මන් රජය කිසිදු ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ. සොෆා ගිවිසුම පමණක් නොවෙයි රටට අහිතකර කිසිදු ගිවිසුමකට රජය අත්සන් කරන්නෑ.