සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී පැවති 02වන 20 20 තරගයෙන් ලකුණු 75ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 දැවී ලකුණු 210 ලබාගත්තේ ඕවරයකට 10.5 දල ලකුණු වේගයක් රදවාගනිමින් වන අතර බංගලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 135ක් පමණි.
තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 2 ට බින්දුවක් ලෙස ජය ගෙන සිටින්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි.
