ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපති ධුරයට සුදුසු යයි කිසිවෙකු කියන්නේ නම් ඔහුට මඩු වලිගයෙක් තැලිය යුතු යයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
හිටපු ආරක්‍ෂක ලේකම්වරයා යුද්දයට බයෙන් රටින් පැන ගොස් වසර 15ක් සැගවී සිටි පුද්ගලයෙක් යයිද ඇමතිවරයා සදහන් කරයි.
එමෙන්ම ආණ්ඩුවේ අඩුපාඩු ඇති බව තමන් පිළිගන්නා බවත් නමුත් පෙර පැවති පාලනයම නැවත ගෙන ඒම එයට විසඳුම නොවන බවද ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
ජනතාවගේ අවශ්‍යතාවය අනුව ආණ්ඩුවේ ඇතැම් වෙනස්කම් සිදුකර ජනතාව අතරට යා යුතු බවත් එසේ නොවුන හොත් එක්සත් ජාතික පක්ෂයේ අපට කණගාටු වීමට සිදු වන බව අමාත්‍යවරයා පැවසීය.
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනා කැබිනට්ටුව තුළත් ආණ්ඩුවටත් අපලයක් බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සමඟ කිසිඳු ගිවිසුමක් නොමැති බවත් එතුමන් ඇතුළු දෙමළ දේශපාලඥයින් ප්‍රතිපත්ති මත දේශපාලනය සිදු කරන බවත් දකුණේ දේශපාලඥයින් එසේ නොවන බවද ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

