හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ’ කියලා අපි බොහෝ විට කියනවා. එයින් අදහස් වුණේ ආරම්භයේදීම බොහෝ දේ නිවැරදිව වටහා ගත හැකි බවයි. ඉතිං දැන් වැදගත්, ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඔබ වෙත යොමු කරන්නම්. ඔබ ජීවිත කාලය පුරාම ජීවත් වෙන්න සූදානම් වන ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ගැනත් ‘පළමු දිනයේම’ නිවැරදිව වටහා ගත හැකි නම් කුමක් වේවිද ?
‘අනේ එහෙම නම් කොච්චිර හොඳද ?’ කියලා ඔබ කියාවි.
අපේ මේ සූදානම ‘පළමු දිනයේදී ම ඔහු හෝ ඇය ගැන නිවැරදි අදහසක් ලබා ගන්නේ කෙසේද ? යන්න ගැන විශේෂඥ උපදෙස් කිහිපයක් ඔබට ලබා දෙන්න. මේ සම්බන්ධයෙන් ආරම්භයේදීම කිව යුතු සොයා ගැනීමක්, විශේෂඥ සොයා ගැනීමක් තිබෙනවා. ‘ඔහු හෝ ඇය හමුවන පළමු දිනයේදීම, පළමු ඇසුරේදීම අනාගතය ගැන පැහැදිලි වැටහීමක් ලබාගත හැකියි’
‘ආදරණීය හැඟීම් සොයන මිනිසුන්ට ඔවුන්ගේ හදවතට වඩා හිසෙන් සිතීමට මම උනන්දු කරනවා. ආරම්භක දිනයේ සිට ඔබ ඔහුගෙන් අපේක්ෂා කරන දේවල් පිළිබඳව ලැයිස්තුවක් සෑදීම සුදුසුයි’ මනෝචිකිත්සකවරියක, ජීවිත පුහුණුකරුවෙකු සහ කතුවරියක් වන අපර්නා සැමුවෙල් බාලසුන්දරම් Aparna Samuel Balasundaram, a psychotherapist, life coach, and author. පවසන්නේ ඔබ සතුව සැලැස්මක් ඇති විට පමණක් ඔබ සෙවිය යුතු දේ දැනගනු ඇති බවයි.
‘ඔබ පිරිමි ළමයෙකුගේ තිබිය යුතු ගුණාංග සියල්ලම නොසලකා හැර තිබේද යන්න හෝ එය ඔබ සොයන සම්බන්ධතාවයේ සිට තවමත් ගැටෙමින් පවතීද යන්න මේ අනුව වටහා ගත හැකියි. ඒ හරහා ලැබෙන අනතුරු ඇගයීම් නිසා අනවශ්‍ය පුද්ගලයින්ගෙන් ඈත්ව සිටීමට සහ වේදනාකාරී අත්දැකීම්වලින් හදවත රිදවා නොගැනීමට ඔබට අවස්ථාවක් ලැබේවි’
ගෞරවය

ඔබ ඔහු සමග සම්බන්ධතාව ආරම්භ කළ පළමු දිනයේම ඔහු ඔබට අගෞරව කරයි නම් ඉදිරියටත් ඔබට ඔහුගෙන් ගෞරවයක් අපේක්ෂා කළ නොහැකියි.
‘ඔබ දෙදෙනා අතර වාර්ගික හෝ ආගමික බෙදීම්, වයස් පරතරය, දේශපාලන වෙනස්කම් හෝ හවුල් අවශ්‍යතා නොමැතිකම වැනි අතීත දේවල් දෙස බැලිය හැකියි. කෙසේ වෙතත්, මිනිසෙකු තම වචනයට ඇලී නොසිටින්නේ නම්, සැක සහිත සදාචාරය සහ ස්ථානීය ආචාරධර්ම තිබේ නම් ඔබ දෙවන දිනය ගැන විමසිල්ලෙන් සිටීම හොඳයි’ කොලොම්බියා ඒෂියා රෝහලේ මනෝචිකිත්සක වෛද්‍ය අමූල්යා සෙත් Dr Amoolya Seth, consultant psychiatrist, Columbia Asia Hospital. උපදෙස් දෙයි.
ඔබේ අදහස් නොසලකා හැරීම, ඔබගේ ජයග්‍රහණ සුළු කොට තැකීම, ඔබ ගැන කතා කිරීම, අවන්හලේ කාර්ය මණ්ඩලයට අකාරුණික ලෙස හැසිරීම වැනි ක්‍රියා ඔහුගේ චරිතය ගැන බොහෝ දේ පවසයි. ආචාර්ය සෙත් පවසන පරිදි,
‘ඔහු පළමු දිනයේදී ඔහුගේ සම්පූර්ණ අවධානය ඔබට ලබා නොදෙන්නේ නම්, ඔහුගේ ප්‍රමුඛතා වෙනත් තැනක තිබේ. ඔහු ඔබව දැන හඳුනා ගැනීමට උත්සාහ කරනවාට වඩා වැඩි කාලයක් තමා ගැන කතා කරයි නම් ඔහු ආත්මාර්ථකාමියෙකි. යම් දෙයක් වැරදී ගිය විට ඔහු හැසිරෙන ආකාරය ගැනද අවධානය යොමු කරන්න. ඔහු වෙනත් කෙනෙකුට දොස් පැවරීමට උනන්දුවක් දක්වන්නේ නම් ඔබ සම්බන්ධතාවයේ ගොදුරක් බවට පත්වීමට හොඳ අවස්ථාවක් තිබේ’ ඔහු තවදුරටත් පවසයි.

ඔබේ ආරක්ෂාවට අවධානය යොමු නොකරයි නම්
ආචාර්ය සෙත් පවසන්නේ ඔබ සමඟ සිටින පුද්ගලයා පළමු දිනයේදී ඔබගේ ආරක්ෂාව නොසලකා හරිනවා නම් ඔහු පැහැදිලිවම ඔහුගේ වගකීම් ගැන නොදන්නා බවත්, විශ්වාසය හා ආරක්ෂාව සඳහා පෙළඹවීමක් නොකරන බවත්ය. එවැනි අවස්ථාවන්හිදී හැකි නම් ‘එය එතැනම’ අවසන් කළ යුතුයි. ‘මීට වඩා හොඳ විසඳුමක් අප දන්නේ නැහැ’ ඔහු කියයි.
‘මට රාහුල්ව මුණගැසුණේ මුහුණුපොත හරහායි. ඔහු හොඳ මිනිහෙක් වගේ. කෙසේ වෙතත් පළමු දිනයේ පාන්දර එකට මට තනිවම උබර් Uber රථයකින් තනිව නිවසට ගෙන යන ලෙස ඔහු යෝජනා කිරීමෙන් මා කම්පනයට පත් වුණා. මගේ ආරක්ෂාව ගැන ඔහු නොසලකා හැරීම ගැන මම තැති ගත්තා. මම වහාම මිතුරෙකු අමතා මට උපකාර ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ වගේම මම රාහුල්ට මෙහෙම කිව්වා.
‘මේ අප හමුවන පළමු සහ අවසාන අවස්ථාවයි’නවදිල්ලි නුවර පදනම් කරගත් සමාගමක සන්නම්නාම කළමනාකාරිනියක වන ‘සන්චිතා සංග් (26) පවසනවා.

කෝපය නිසා ඇතිවිය හැකි ගැටලු
ඔහු නිතර කෝපයට පත්වන, සුළු දේකින් පවා කිපෙන සුළු අයෙකු නම් හෝ ඔහුගේ හැසිරීමෙන් ඔහුට කෝපය පාලනය කරගත නොහැකි බව ඔබ සැක කරන්නේ නම් කිසිසේත් ඔබ දෙදෙනා අතර සම්බන්ධතාව ඉදිරියට ගෙන යාම සුදුසු නැහැ. විශේෂඥයින් විශ්වාස කරන්නේ එවැනි පුද්ගලයින් ප්‍රචණ්ඩකාරී සහ අපයෝජනයට ලක්වන අතර එය ඔබ වෙත ද යොමු කිරීමට වැඩි කලක් ගත නොවනු ඇති බවයි.
‘කෝප වන විට මිනිසුන් සමඟ කතා කරන විට ඔහු දත් විකනවාද ? (දත්මිටි කනවාද) ඔහුට ක්ෂණික කෝපයක් තිබේද ? (හොස්ස ළඟින් මැස්සා යන්න බැහැ) කලබල වූ විට ඔහු බොහෝ දිවුරුම් දෙයිද ? (මම මරාගෙන මැරෙනවා) ඔහු සාමාන්‍යයෙන් රණ්ඩුවක් අල්ලා ගැනීමට බලා සිටිනවාද ? ’ යන සොයා බැලිය යුතු බව බාලසුන්දරම් කියයි. මෙම සත්‍ය වශවෙන්ම අනාගත ගෘහස්ත හිංසනය පිළිබඳ ඉඟියක් විය හැකි බැවින් ඒවා ගැන විමසිල්ලෙන් සිටින්න.
ඔබේ කැමැත්ත ගැන තැකීමක් නොකරයි නම්
ඔබගේ පෙම්වතාගේ අකමැත්තෙන් ඔහු සමඟ කටයුතු කිරීම අරගලයක් විය හැකි නමුත් වඩා කනස්සල්ලට කරුණ වන්නේ ඔහු ඔබේ කැමැත්ත සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමයි. අලෙවිකරණ වෘත්තිකයෙකු වන 29 හැවිරිදි රිද්ඩි සෙත් තමා මුහුණ දුන් තත්ත්වය පැහැදිලි කරයි.
‘ඔහු ආකර්ශනීය පුද්ගලයෙක්. මම ඔහුව හමුවීම ගැන සතුටු වුණා. කෙසේ වෙතත් පළමු පැයේදීම ඔහුගේ කාමුක බවේ ගොදුරුක් වීමට මට සිදු වුණා. පළමුවෙන්ම ඔහු නැටුම් තට්ටුවේදී මා බලහත්කාරයෙන් සිප ගැනීමට උත්සාහ කළා. ඊළඟට ඔහු සමග බාහිර ලිංගිකව එක්වන ලෙස මට බල කළා. මම ඔහුව තල්ලූ කර ගෙදර ගියා. මම නැවත ඔහු හමු වුණේ නැහැ’
ගුර්ගෝන්වල හොලිස්ටික් වෛද්‍ය විද්‍යාව සහ මනෝවිද්‍යාව ආටෙමිස් රෝහලේ අංශ ප්‍රධානී වෛද්‍ය රච්නා ඛන්නා සිං පවසන්නේ ‘වර්තමානයේ පෙම්වතුන් හමුවන පළමු දිනයේ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම සාමාන්‍ය දෙයක් නොවෙයි. එය සිදු නොවිය යුතුම දෙයක්. එහෙත් විධිමත් ආකාරයෙන් විවාහ ගිවිස ගැනීමක් සිදු වූ පසු එවැනි පියවරක් වෙත යාම ගැටලූවක් නොවෙයි. ඔබේ පෙම්වතා ඔබේ කැමැත්තට පටහැනිව ලිංගිකව හැසිරීමට ඔබව පොළඹවන්නේ නම් වහාම ඉවත්ව යන්න’
හානිකර පුරුෂාධිපත්‍යය
ලෝකයේ ජීවත් වන පුරුෂයින්ගෙන් සැලකිය යුතු පිරිසක් දැඩි පුරුෂාධිපත්‍ය ලක්ෂණ ප්‍රකට කරයි. ඔවුන් ඔබගේ සමස්ත ජීවිතයටම බලපෑම් කරන අතර ඔබව ‘මනුෂ්‍යයෙකු’ ලෙස පවා නොතකයි. එමගින් ඔබ වඩ වඩාත් පීඩාවටත්, සූරාකෑමටත්, හිංසනයටත් ගොදුරු විය හැකියි. ව්‍යාජ ස්ත්‍රීවාදය සහ ‘ආරක්ෂිත’ සැලකිල්ල මුලදී ඔබ විසින් ගනු ලැබුවද ඔහුගේ විෂ සහිත පුරුෂභාවය ඔබ වෙත පැමිණීමට වැඩි කලක් ගත නොවනු ඇත.
‘ඔහු ඔබේ මනාපයන් විමසීමෙන් තොරව බීම හෝ රාත්‍රී ආහාරය ඇණවුම් කරන්නේ නම්, එයින් අදහස් කරන්නේ ඔහු ඔබට හොඳ කුමක්දැයි ඔහු දන්නා බවයි. සමහර අවස්ථාවලදී එය ඕනෑවට වඩා අධික විය හැකියි. එය කිසිසේත් සුදුසු දෙයක් නොවෙයි. එසේම ඔහු හිටපු හිටපු පෙම්වතියන් ගැන නින්දාසහගත භාෂාවක් භාවිතා කරන්නේ නම් එය පොදුවේ කාන්තාවන් පිළිබඳ ඔහුගේ හැඟීම් පිළිබිඹු කරයි. එය නිශ්චිත අනතුරු ඇගයීමකි’ ”ආචාර්ය සෙත් අනතුරු අඟවයි. ඉතිං, දැන් කල්පනා කරන්න…ඔබට පළමු පැයේදීම වැරදුණා ද ? නැතිනම් හරි ගියාද ?
Text by Femina – Thushadhavi

