හැංගිමුත්තන් කරන අතරේ දහසය හැවිරිදි සිසුවා දස හැවිරිදි සිසුවිය දූෂණය කරලා…

Spread the love

හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි.

අතවරයට පත්ව ඇති දැරිය සහ සැකකරු අසල්වැසියන් බව ද පොලීසිය කියයි. සිද්ධිය වූ දින දැරිය, සැකකරු සහ තවත් දරුවන් කීප දෙනෙකු හැංගි මුත්තන් සෙල්ලම් කර ඇත. එසේ සෙල්ලම් කරමින් සිටින අතරතුර දැරිය ඇදක් යට සැගවී තිබේ. එම අවස්ථාවේදී සැකකරු විසින් ඇඳ යටට විත් දැරියට අතවර කර ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.නමුත් ඒ බව ඇය මුලදී කිසිවෙකුටත් පවසා නැත.

මේ අතර දැරිය අධ්‍යාපන ලබන පාසලේම වෙනත් සිසුවියක්ද පසුගිය දිනක අතවරයට ලක්ව ඇත. ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම සිද්ධිය දැන ගෙන ඇති දැරිය තමන්ට ද සිදුව ඇත්තේ මෙවන් සිද්ධියක් බව වටහා ගෙන එම අතවරය සම්බන්ධයෙන් පාසලේ ගුරුවරියක් දැනුවත් කර තිබේ. එම ගුරුවරිය දැරියගේ මව්පියන් කැදවා මේ බව දැනුම් දීමට කටයුතු කර ඇත. ඒ අතර සිද්ධිය දැන ගෙන ඇති දැරියගේ ඥාතියෙකු මේ බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දීමට කටයුතු කර තිබේ.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් කරන ලද දැනුම් දීමක් මත සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – මුගුණුවටවන, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මේ අතර, හලාවත පොලීසියේ නිලධාරීන් පිරිසක් පසුගියදා මුගුණුවටවන – මාලිගාවත්ත ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මත් පැන් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී එහි සිටි කීප දෙනෙකු පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත. පාසල් දැරියට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුවාද ඒ අතර සිට තිබේ.

තමාව පරීක්ෂා කළ පොලිස් නිලධාරියා  තමන් ඇඳ සිටි සරම කඩා දැමූ බව පවසමින් සැකකාර සිසුවා පාසල් යාම ප්‍රතික්ෂ්ප කර ඇත. නමුත් පොලිස් නිලධාරියෙකු සැකකාර සිසුවාගේ සරම කඩා දමා නොමැති බවත්, සිසුවා පාසල් යාම ප්‍රතික්ෂේප කර ඇත්තේ දැරියට අතවර කිරීමේ සිද්ධියෙන් පසුව බවත් විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව හලාවත පොලීසියේ නිලධාරියෙක් පැවසීය.අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.සැකකාර සිසුවා හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[rns_reactions