රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය සංශෝධනයෙන් පසු සියලු අමාත්‍යවරුන් ඇමතූ ජනාධිපතිවරයා, කැබිනට් අමාත්‍යවරුන් වෙත රාජ්‍ය ආයතන ගැසට් කිරීමේදී විද්‍යාත්මක පදනම පැහැදිලිවම සැලකිල්ලට ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
රටට සහ ජනතාවට අවංකව සේවය කරනා මෙන් තමා ඉල්ලා සිටිනා බවත් සීමා ගැන නොසිතා කළ හැකි දේ බොහෝ බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර “තමාගේ හැකියාව දක්ෂතාවය කුසලතාවය දැනුම යොදාගෙන වැඩ මවන්න පුළුවන් ඕන කෙනෙකුට. තමන්ට තියෙන ක්ෂේත්‍රයේ සීමාව නෙවෙයි හිතන්න ඕන. ඒ තුළ ඉඳගෙන ඒ කරන කටයුතු වගේම ඊට එහා දෙයක් හිතල කරන්නයි ඕන.” ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
