හැටන් – කොළඹ පාරේ ඝණ මීදුමක්… රිය ධාවනයේදී ඉදිරි ප්‍රධාන ලාම්පු දල්වන්න

Spread the love

 

අද(12) මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ජන ජිවිතයට බාධා පැමිණ ඇති අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසු සිසුවියන්ද  වැසි නොතකා විභාග මධ්‍යස්ථාන වලට පිවිසෙන්නට විය.
අධික වර්ෂාවත් සමගම හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා අධික මීදුමි තත්ත්වයක්  පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා පැමිණ ඇති අතර  ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙ තරමට ඝණ මිදුමි තත්ත්වය පැවතිම නිසා වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන වාහන ධාවනය කරවන ලෙස රථ වාහන පොලිසිය රියදුරන්ගෙන්ඉල්ලා සිටී.