හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහිව නඩු පවරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහිව නඩු පවරයි
Spread the love
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා අලූතින් පිහිටවූ ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ අද (24) නඩු පවරනු ලැබුවා. ඒ, මැදමුලන ඩි ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 81.3ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේයි. හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව තවත් 06දෙනෙකුට මෙම චෝදනාව යටතේ නීතිපතිවරයා අද නඩු පැවරූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
මෙය මහා පරිමාණ දුෂණ හා වංචා සම්බන්ධයෙන් වන නඩුකටයුතු විභාග කිරීමට ඉකුත් දා අලූතින් පිහිටවූ ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් වූ දෙවන නඩුව වනවා. එම නඩුව සැප්තැම්බර් මස 10වන දින යළි කැඳවීමට නියමිතයි. 
එදින විත්තිකරුට සිතාසි නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ලබා දීමට නියමිතයි.