Deprecated: Function WP_Dependencies->add_data() was called with an argument that is deprecated since version 6.9.0! IE conditional comments are ignored by all supported browsers. in /home/u994491065/domains/supirigossip.com/public_html/wp-includes/functions.php on line 6131
හිටපු ඇමැතිගේ ගෙදර හොර අරක්කු තැබෑරුමක් - Supiri Gossip
Thursday, 25 December 2025

හිටපු ඇමැතිගේ ගෙදර හොර අරක්කු තැබෑරුමක්

හිටපු ඇමැතිගේ ගෙදර හොර අරක්කු තැබෑරුමක්
Spread the love
හිටපු  ඇමැතිවරයකුට අයත් කොළඹ 7 ප්‍රදේශයේ සුවිසල් නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ කැරොකේ සමාජ ශාලාවක බලපත්‍ර නොමැතිව අලෙවි කිරීමට සුදානම් කර තිබූ බියර් කෑන් 121 කොළඹ නගරය සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) සොයාගන්නා ලදී.

කොළඹ නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් ආසන්නයේ පවත්වාගෙන යන මෙම කැරොකේ සමාජ ශාලාවේ සේවකයකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදැයි කොළඹ නගරයේ සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක චානක නානායක්කාර මහතා පැවැසීය.

මෙම සමාජ ශාලාවට ගිය වසරේදී මත්පැන් බලපත්‍රයක් නිකුත් කර තිබුණත් මහජන විරෝධයක් නිසා මේ වසරේ මත්පැන් බලපත්‍රයක් නිකුත් කර නොතිබූ  බව සුරාබදු නිලධාරීහු කියති.

මේ සමාජ ශාලාවේ හිමිකරු චීන ජාතිකයකු බව කියන සුරාබදු අංශ මේ වසරේ මත්පැන් බලපත්‍රයක් නොමැති නිසා බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසැල් වලින් මිලදී ගෙන ඒවා මෙහි රහසිගතව සඟවා ගෙන අලෙවි කර තිබූ බවට තොරතුරු හෙළිකර ගෙන ඇත.

මෙම සමාජ ශාලාව චීන ජාතිකයන්ට පමණක් විවෘත කෙරුණු එකක් බවත් ලංකාවේ විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් මෙහි නිතර පැමිණෙන බවත් කියති.

අත්අඩංගුවට ගනු ලැබූ සේවකයා සුරාබදු ඇප මත දැනට මුදා හැර ඇත.සැකකරු සහ බියර් තොගය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.