හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරු ටියුඩර් චන්ද්‍ර රාජපක්ෂ මහතා අභාවප‍්‍රාප්ත වේ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරු ටියුඩර් චන්ද්‍ර රාජපක්ෂ මහතා අභාවප‍්‍රාප්ත වේ
Spread the love

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන ටියුඩර් චන්ද්‍ර රාජපක්ෂ මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.

ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ හා දන්දිනා දිසානායක සමරසිංහ මහත්මියගේ සිව්වන දරුවා ලෙස ජන්මලාභය ලැබ කීර්තිමත් වැවිලිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලු ඒ මහතා මිය යන විට 70 වන වියෙහි පසු විය.

අකුරැස්සේ රම්‍යා ගුණසේකර හෙට්ටිආරච්චි මහත්මියගේ ස්වාමියා වූද, චමින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් හිටපු කතානායක චමල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ, ප්‍රීති රාජපක්ෂ යන අයගේ සහ නැසිගිය ගාන්ධිණී රාජපක්ෂ හා ජයන්ති රාජපක්ෂ යන අයගේ සොහොයුරා විය.

චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහය තංගල්ල මැදමුලන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.