හින්දු කෝවිල්වල සත්ත්ව බිලිපූජා නතර කළ යුතු බවට කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත්වූ යෝජනාවකට අනුමැතිය හිමිව ඇත.
හින්දු ආගමික කටයුතු ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා මීට අදාළ යෝජනාව කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබේ.
ඇමැති මණ්‌ඩල රැස්‌වීම ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.