හිරුණිකාට එරෙහි ඩිෆෙන්ඩකින් තරුණයකු පැහැරගත් නඩුව විභාගයට

හිරුණිකාට එරෙහි ඩිෆෙන්ඩකින් තරුණයකු පැහැරගත් නඩුව විභාගයට
Spread the love
ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගෙන ගිය බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට පවරා ඇති නඩුව ඔක්තෝම්බර් මස 08 සහ 09 යන දිනවලදී විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කර ඇත.
පාර්ලිමේන්තු සැසියකට සහභාගී වී සිටින බැවින් ඇයට අද දිනයේ අධිකරණය වෙත පැමිණිය නොහැකි බව ඇගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිට ඇත.
මෙම චෝදනාව සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මීට පෙර වරද පිළි ගත් අතර ඒ අනුව ඔවුන්ට දඬුවම් ද නියම කර ඇත.