ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වුණා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.
හෙට (21) සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ පැවැති කැබිනට් මණ්ඩලය රැස්වීමට අමාත්‍යවරුන් දෙදෙනෙක් පැමිණ සිටියේ නැහැ.
ඒ අමාත්‍ය දයාසිරි ජයසේකර සහ සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයායි.
නමුත් අනෙක් සියලු කැබිනට් අමාත්‍යවරු කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමට පැමිණ සිටි අතර සාමාන්‍ය පරිදි රැස්වීම පැවැත්වුණු බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

