ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත 03 සහ ගබඩා 12 තුළ හෙට (24) අලුයම සිට සේවක වැඩවර්ජනයක් සිදුකරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරනවා.
මේ අනුව මෙම කිසිඳු ස්ථානයකින් ඉන්ධන නිකුත් නොකරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු පිළිබඳ විසඳුම් ලෙස රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරන්නට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කටයුතු කර තිබෙනවා. මෙතෙක් එම යෝජනා ක්‍රියාත්මක කර නොමැති අතර සිය යෝජනාවලට පටහැනි ලෙස රජය කටයුතු කරමින් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමද මෙහිදී ඔවුන් පෙන්වා දුන්නා. කලින් පැවැති සාකච්ඡා අසාර්ථක වූ බැවින් මෙම තීරණයට එළඹී බවත් හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වෙන බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වැඩි දුරටත් සඳහන් කළේ.
[rns_reactions]

