මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පිණියට හිමි සම්මානය හිමි වූයේ නයනතාරා වික්‍රමආරච්චිටය. සම්මානය හිමි වීමෙන් අනතුරුව විවිධ පාර්ශවයන් නයනතාරාට විවේචන එල්ල කළ අතර ඒ පිරිසෙහි ඇය රංගනයෙන් දායක වූ නාට්‍යයක තිර රචකයාද සිටියා. පුවත්පතක් සමග සංවාදයකට එක්වෙන නයනතාරා මේ පිළිබදව අදහස් දක්වා තිබූ අතර එම සංවාදය පහතින් ,
එකදිගට හතර වතාවක් ජනප්‍රිය නිළිය වීම ගැන ආඩම්බරද..?
ආඩම්බරයක් නෑ. සන්තෝෂයක් තියෙන්නේ.
මෙවරත් ජනප්‍රිය නිළිය වෙයි කියලා බලාපොරොත්තු වුණාද..?
එහෙමම නැහැ. නමුත් මට මං ගැන විශ්වාසයක් තිබුණා. මට තියෙන්නේ මාත් එක්ක වූ තරගයක්. ඒ තරගය ඇතුළේ මට මාව විශ්වාසයි. ඒ විශ්වාසයට ලැබුණු ජනතා සම්මානය තමයි මේ.
නමුත් මෙවර නම් මනීෂා එක්ක ලොකු තරගයක් දෙන්න වුණා නේද..?
සම්මාන බලාපොරොත්තුවෙන් නම් මම කා එක්කවත් තරග කරන්නේ නෑ. ඇය මගේ හොඳම යෙහෙළියක්. අපි අතරේ කොහොමවත් තරග නෑ. මේ තියෙන්නේ ප්‍රේක්ෂක මනාපය.
ඒකෙන් කියන්නේ ඔබ SMS වලට වියදම් කළේ නෑ කියන එකද..?
කොහොමටවත් නෑ. අම්මයි, තාත්තයි මට හැමතිස්සෙම කියන්නේ සම්මානයක් ගත්තොත් ඒක ගෞරවාන්විතව අරගෙන ගෙදර තියාගන්න කියලා. තමන්ම SMS ගහගෙන ඒ ගෞරවය ලබාගන්න බෑ. හෘද සාක්ෂියට අනුව එය වංචාවක්, බොරුවක්. වංචාවක් කරලා ගත්ත සම්මාන මගේ ගෙදර නෑ. අනික මෙවර එක දුරකතනයකින් එක SMS එකයි එවන්න පුළුවන් වුණේ. ඒකත් ඉතාම හොඳ දෙයක්. ඒ සංකල්පයටත් මම ගරු කරනවා.
ජනප්‍රිය නිළි සම්මානය ලැබීම ගැන, ඔබ නාට්‍යයක අධ්‍යක්ෂවරයාව හෝ රචකයාව දැනුවත් කළේ නෑ කියල ඔවුන්ගෙන් චෝදනාවක් තියෙනවා..?
ඒ සම්මානය ලැබෙන බව මම දැනගෙන හිටියෙත් නෑනේ.
සම්මානය ලැබුණට පස්සෙවත් ඒ ගැන කිව්වේ නැද්ද..?
අම්මාටවත් මම ඒ ගැන කිව්වේ නෑ. අනික කාටවත් මම විශේෂයෙන් කියන්න ගියේ නෑ. හැමෝටම එක විදියටයි කිව්වේ.
ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කියමු..?
මම රඟපෑ ටෙලි නාට්‍ය දෙකකුත්, චිත්‍රපට දෙකකුත් එන්න තියෙනවා. තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. තවම එහි පිටපත කියවනවා. කියවලා බලලා හොඳයි කියලා හිතුණොත් භාරගන්නවා.