ළගදීම එජාපයට යන ජන පදනමක් නැති ශ්‍රීලනිප පොඩි එවුන් දෙන්නා ගැන එස්.බි. කියපු කතාව මෙන්න…

ළගදීම එජාපයට යන ජන පදනමක් නැති ශ්‍රීලනිප පොඩි එවුන් දෙන්නා ගැන එස්.බි. කියපු කතාව මෙන්න…
Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් අයෙකු හෝ දෙදෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ ඉඩකඩක් පවතින බව අමාත්‍ය එස්. බී. දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද රාත්‍රී ජනාධිපතිවරයා හමු වී සිය ධූරවලින් ඉල්ලා අස්වීමට වූ තීරණය ගෙන පිටතට පැමිණීමෙන් අනතුරුවයි.

එලෙස එක් අයෙකු හෝ දෙදෙනෙකු එජාපයට එක් වූ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදී නොයන බව ද ඔහු අවධාරණය කළා.

එජාපයට යාමට සූදානම්වන්නේ කවුරුන්දැයි මාධ්‍යවේදීන් විමසා සිටි මොහොතේ එස්බී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ “ඒක ඔබතුමාලා දන්නවා අපිට වඩා” යනුවෙන්.

මේ අතර එම ස්ථානයේ දීම අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා සඳහන් කළේ එජාපය සමග දිගින් දිගටම යාමට අවශ්‍යව ඇති පුද්ගලයින් දෙදෙනෙකු නිදහස් පක්ෂය තුළ සිටින බවයි.

එවිට මාධ්‍යවේදීන් විමසා සිටියේ අමාත්‍යවරයා සඳහන් කළේ දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර පිළිබඳව ද කියායි.

තමා සඳහන් කළේ ඔවුන් පිළිබඳව වන බවට අමාත්‍ය ඩිලාන් පෙරේරා එහි දී ඉඟි පළ කරනු ලැබුවා.

“මට වඩා හොඳට ඔයාලා දන්නවානේ” යනුවෙන් ඔහු ද පවසා සිටියා.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ දී එයට පක්ෂව ඡන්දය ලබා දුන්නිදහස් පක්ෂ අමාත්‍යවරු 15 දෙනා සහ නියෝජ්‍ය කතානායකවරයා ආණ්ඩුවේ තනතුරුවලින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්වනු ඇති.