“ෆවුසිට පිස්සු.. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රිලනිපය ඡන්දය භාවිත කරනවා “- ලක්ෂ්මන් යාපා

“ෆවුසිට පිස්සු.. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රිලනිපය ඡන්දය භාවිත කරනවා “- ලක්ෂ්මන් යාපා
Spread the love

ඒ.ච්.එම්. ෆවුසි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත්, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

මේ අතර අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ද පැවසුවේ, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිත කරන බව ය.

මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 30 දෙනෙකු පමණ සහභාගී වූ ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එහි බහුතරයේ තීරණය වූයේ, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීම බව ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ ය.

ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙම රැස්වීම සඳහා ඒ.ච්.එම්. ෆවුසි මහතා සහභාගී නොවූ බව ය.