ෆාෙන්සේකා මහත්තයාට අහිමි වු සියළු බලය ලැබුනේ ජනපති මෙෙත්‍රි නිසා – දුමින්ද දිසානායක අතීතය මතක් කරයි..

ෆාෙන්සේකා මහත්තයාට අහිමි වු සියළු බලය ලැබුනේ ජනපති මෙෙත්‍රි නිසා – දුමින්ද දිසානායක අතීතය මතක් කරයි..
Spread the love
අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබා දුන් අමාත්‍ය ධූරයෙන් ඔහුව ඉවත් කරන්නැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉකුත් දා එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට එක්වෙමින් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනාධිපතිවරායා විවේචනයට ලක් කිරීම ඊට හේතුවයි.

අමාත්‍ය දුමින්ද දිසානායක,  එක්සත් ජාතික පකෂයේ හිටපු සභාපති මලික් සමරවික‍්‍රමට මේ පිළිබඳව දන්වා තිබෙනවා. එහිදී මලික් සමරවික‍්‍රම ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව ප‍්‍රකාශ කර ඇති බවයි අප වෙත වාර්තා වුණේ.