ෆේස්බුක් නිසා විදුහල්පති පහර දුන් ශිෂ්‍යා රෝහලේ..

Spread the love

දිඹුලාගල  අධ්‍යාපන කලාපයට අයත් අරනගන්විල ප්‍රදේශයට අයත් පාසලක 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා තමා මුහුනුපොතේ පළකරන ලද පොස්ට් එකක් සම්බන්දව එම විදුහලේ විදුහල්පතිතුමා මෙලෙස පහර දී ඇත. පහර දීමෙන් අනතුරුව මෙම සිසුවා නේවාසික ප්‍රතිකාර සඳහා  පොලොන්නරුව මුලික රෝහලට ඇතුලත් කිර ඇති අතර ඊයේ (27) දිනයේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත තිබු බව එම සිසුවාගේ පියා කේ.ආර්.සුගත් ප්‍රියන්ත මහතා පැවසිය.

දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම.සංජිවනි මහත්මියගෙන් මේ පිළිබඳව විමසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ එවැනි පහරදීමක් සම්බන්දව තමන් නොදන්නා බවයි. අදාල විදුහල්පතිවරයාගෙන් මේ පිළිබඳව විමසන බවද ඇය කියා සිටියාය.