ෆේස්බුක් වාරණය අවසන් කරන දිනය ගැන ජනපති මෛත්‍රී ජපානයේ සිට කියපු කතාව මෙන්න..

ෆේස්බුක් වාරණය අවසන් කරන දිනය ගැන ජනපති මෛත්‍රී ජපානයේ සිට කියපු කතාව මෙන්න..
Spread the love

මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවත්, සමාජ යහපත වෙනුවෙන් වන ප‍්‍රවාහයකට ඉඩ දුන්න ද සමාජය විනාශ කරන යම් දෙයක් වේ නම් එය පාලනය කිරීමට යම් ක‍්‍රමවේදයක් අවශ්‍ය බවත් ජනපති මෛත්‍රී පවසයි.

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අතර හමුවක් අද (13) පස්වරුවේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය.

ජංගම දුරකථන, පරිගණකය, අන්තර් ජාලය, සමාජ මාධ්‍ය නිර්මාණය වූයේ මානව සමාජයේ යහපත සදහා බවත්, එයින් ලෝකයක දැනුම තමන්ට අත්කර ගත හැකි වුව ද අවාසනාවකට ශී‍්‍ර ලංකාවේ ඇතැම් දෙනා මෙම සම්පත් භාවිතා කරන්නේ රට විනාශ කිරීමට බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

එබැවින් මෙම සම්පත් නිසි ලෙස භාවිතා කිරීම පිළිබද නව වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළ රටට හදුන්වාදීමට අපේක්ෂා කරන බව සදහන් කළ ජනාධිපතිතුමා, ඒ සදහා රජය මෙන්ම සියලූ පුරවැසියන් ද තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

ජාතික සමගිය නැති කිරීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයන්ට කරන බරපතළ නින්දා කිරීම් වැනි දේ ඉවත් කර යහපත් සහ නිවැරදි දේ පමණක් හුවමාරු කෙරෙන මාධ්‍ය වැඩි වැඩියෙන් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.