ෆොන්සේකාට නීතිය හා සාමය ලැබීම වැළැක්වීමට රාජපක්ෂලා ගහපු අන්තිම තුරුම්පුවත් මෙන්න..!

ෆොන්සේකාට නීතිය හා සාමය ලැබීම වැළැක්වීමට රාජපක්ෂලා ගහපු අන්තිම තුරුම්පුවත් මෙන්න..!
Spread the love

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නීතිය හා සාමය පිළිබඳ ඇමති තනතුරට පත් වුවහොත් තමන් පැය විසි හතරක් ඇතුළත තනතුරෙන් ඉල්ලා අස් වන බව ඉහළ ඉහළ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඇතැම් ඉහල පොලිස් නිලධාරීන් නම් පවසන්නේ සරත් ෆොන්සේකා මහතා පැය විසි හතරකට හෝ නීතිය හා සාමය පිළිබඳ ඇමති ධුරයට පත් කළ යුතු බවත්ය.

සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හිමිවීම දැනට නම් පවතින්නේ අඩමාන තත්වයකය. ඔහුට එම තනතුර හිමිවීමේ සම්භාවිතාව මීට සතියකට පෙර 80% මට්ටමේ පැවතුණ ද දැන් වන විට එය 50% තරම් පහළ බැස ඇත.

සරත් ෆොන්සේකා මහතා ඉන්දුනීසියාවේ සංචාරය සඳහා පිටත් වීමට පෙර රටේ ඉහල බලධාරියෙක් ඔහුව කැඳවා “ඔන්න තමුන්නාන්සෙට නීතිය හා සාමය බාර දෙනවා, මට අවුරුද්දක් ඇතුළත හොඳ ප්‍රතිඵලයක් ඕනේ” යනුවෙන් ප්‍රකාශ කර තිබිණි.

ඒ මොහොතේ සහ ඊට පසුවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පිළිතුරු දී තිබුණේ “මට අවුරුද්දක් ඕනෙ නෑ, මට මාස හයක් ඇති. මම මාස හයෙන් වැඩ කරලා පෙන්නන්නම්” යනුවෙනි. ඉන් අනතුරුව අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් කර ඇත.

සරත් ෆොන්සේකා මහතා නායකත්වය දෙන නියම මානුශික මෙහෙයුම ආරම්භ වීමට තිබුණේ මෙම තනතුර ලැබීමෙන් අනතුරුවය. රටේ ජීවනාලිය බඳු ආර්ථිකය විනාශ කළ දූෂිතයින්, හොරුන්, වංචාකරුවන් අල්ලා කූඩු කිරීමටත් සොරාගත් ජාතික ධනය ඔවුන් වෙතින් යළි අය කරගැනීමටත් නායකත්වය දීමට සරත් ෆොන්සේකා මහතා සැදී පැහැදී සිටියේය.

පසුගිය සතිය වන විට ආණ්ඩු පිහිටුවීමෙහිලා උත්සුක වූ රාජපක්ෂ පාර්ශ්වය ද මේ වන විට එම උත්සාහය අතැර දමා ඇති අතර, මේ වන විට රාජපක්ෂ පාර්ශ්වයේ මූලික බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ සරත් ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත්වීම වැළැක්වීමය. පොලීසියේ සිටින දූෂිත නිලධාරීන් ද හෙල්ලුම් කා සිටින්නේ සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරයට පත් වෙතැයි බියෙනි. මේ වන විට සියළුම දූෂිත බලවේග සරත් ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත් කිරීමට එරෙහිව බලමුළු ගැන්වී ඇති සැටියකි.