රටේ ඇතිවී ඇතැ බව කියන අස්ථාවර භාවය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පස්වරුවේ අවසන් වුනා. ඉතා උණුසුම් වූ පාර්ලිමේතුව විවාදය තුල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකලායැයි කියන අමුතු විදියේ සිදුවීමක් අප වෙත වාර්තා වෙනවා.
පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලට අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු සේවකයෙකු හරහාජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායකට,දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ට සහවිපක්ෂ නායක ආර්.සම්පන්ධන් ට චිට් පත් තුනක් යවා තිබෙනවා.
මෙම ච්ට් පත් යවා සුළු මොහොතකින් පසුව එම තිදෙනා සභාගැබෙන් නැගිටගොස් ඇති අතර අදාල චිට්පත් යැවූවේ කිනම් අරමුණකින්ද හෝ අදාල දේශපාලන ප්‍රභලයින් තිදෙනා සභා ගැබෙන් නැගිට ගියේ ඇයිද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

