04 දින්නත් පැරදුනත් පක්ෂෙන් රනිල් යන්නේ නෑ.. රංගේ බංඩාර හඩමින් කියු කතාව මෙන්න..

04 දින්නත් පැරදුනත් පක්ෂෙන් රනිල් යන්නේ නෑ.. රංගේ බංඩාර හඩමින් කියු කතාව මෙන්න..
Spread the love

එක්සත් ජාතික පක්‍ෂය තුල සැලකිය යුතු ප‍්‍රතිසංවිධානයක් හෝ නායකත්වයේ වෙනසක් සිදු නොකරන බව ඊයේ රාත‍්‍රියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග කරන ලද සාකච්චාව අනුව පෙනී ගිය බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

ඊයේ රාත‍්‍රි 08.30-10.30 කාලයේදී දෙපැයක පමණ සාකච්චාවක් අගමැතිවරයා සමග කරන ලද බවද ඔහු සදහන් කරයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කර තිබේ.

04 වැනිදාට කලින් පක්‍ෂය මුළුමනින්ම ප‍්‍රතිසංවිධායනයකට ලක් නොකලහොත් අගමැතිවරයාට එරෙහි විශ්වාස බංගයේදී එක්සත් ජාතික පක්‍ෂයේ 27 දෙනෙකු විරුද්දව ඡන්දය දීම හෝ ඡන්දය වර්ජනය කිරීමක් සිදු කරනු ඇති බවද රාජ්‍ය ඇමතිවරයා මීට පෙර සදහන් කර තිබින.

මේ අතර, එම රැස්වීම පැවැත්වෙන අතර තුර රනිල්ගේ සමාජ මාධ්‍ය ඒකකය විසින් ප්‍ර‍චාරය කර ඇත්තේ “ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ශ්‍රී ලනිප මනන්ත්‍රීවරුන් සමග මලික් ගේ නිවසේ රහස් සාකච්ඡාවක් පවත්වන බව” යි. එම පණිවුඩය රැස්වීමේ සිටි මන්ත්‍රීවරයෙකුට ලැබී ඇත්තේ රාත්‍රී 10 ට පමණය.