ජවිපෙන් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන නියෝජිතයන් 96 ක් පොහොට්ටුව සමග ඩීල් එකක

ජවිපෙන් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන නියෝජිතයන් 96 ක් පොහොට්ටුව සමග ඩීල් එකක
Spread the love
දේශපාලන කරලියේ එහාට මෙහාට පැනීම් ආරම්භ වී ඇත. එයට බලවතුන් සේම ප්‍රාදේශීය නායකයන්ද අයත්වේ. විවිධ වරදාන බලාපොරොත්තුවෙන් වාසි තැනට පැනීමට මෙම කාලය හොඳම කාලයයි. අතමිට සරු කරගත හැකි එකම ක්‍රමය වාසි තානකට පැන ගැනීමයි. මේ එවන් කතාවකි.
 
 
2017.12.23 දින හරියටම රාත්‍රී 8.45 ට කොළඹ 07 රේස්කෝස් පිටිය අසලදී පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ජවිපෙ පලාත් පාලන නියෝජිතයින් 04 දෙනෙකු මුණ ගැසුණි. ඒ තවත් ජවිපෙ තවත් 92 දෙනෙකුගේ පණිවුඩයද රැගෙනය. ඩීල් එක කතා කෙරුණි. මුදල් හුවමාරු වුනි. ඒ කළු පැහැති බෑග් එකකය. කෙතරම් මුදලක් හුවමාරු වූවාදැයි හෙලිවූයේ නැත. මුදල් ලබාදීමට ප්‍රථම කොන්දේසිය පැනවුනි. පොදුජන පෙරමුණ ජයගන්නා පලාත් පාලන ආයතනයන් වල තනතුරු පැමිණෙන ජවිපෙ සාමාජිකයන් හට ලබා දිය යුතුය. ජවිපෙ සාමාජිකයන් පරාජය වන්නේ නම් බෝනස් අසුනෙන් අනිවාර්යෙන් තනතුරක් ලබාදිය යුතුය.
 
 
මෙම කාර්ය සඳහා මාතර ප්‍රදේශයේ ජවිපෙ පලාත් පාලන අපේක්ෂකයින් දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය සභාවට තරඟ කරන ජවිපෙ නියෝජිතයින් දෙනෙකු සහභාගී වී ඇති අතර, ඔවුන් හරහා අනෙකුත් 92දෙදෙනා සම්බන්ධීකරණය වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබුනි. මෙම කටයුත්ත සාර්ථක බැව් නෙළුම් මාවත කාර්යාලය තුලින් කසුකුසුවක් පැමිණ ඇති අතර, ගිවිසුම අනුව පොදුජන පෙරමුණ ජයගන්නා පලාත් පාලන ආයතන වල තනතුරු සඳහා ඔවුන් පත්කරන බැව් දැනගන්නට ඇත.