බැඳුම්කර කොමිසමේ සාමාජිකයින්ට ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් නෑ

බැඳුම්කර කොමිසමේ සාමාජිකයින්ට ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් නෑ
Spread the love

බැඳුම්කර වංචාව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ට බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විශේෂඥ දැනුමක් නොතිබූ බවත් එහිදී මේ පිළිබඳ දැනුම ඇති විදේශීය විශේෂඥයින්ගේ මතය කොමිසම විසින් විමසිය යුතුව අතර මෙහිදී මූලිකත්වය දිය යුත්තේ එක් එක් අය ගත් දුරකථන ඇමතුම්, ගෙවල් සම්බන්ධයෙන් සෙවීමට නොව රටට කොපමණ අලාභයක් වූයේද යන්න සොයාගැනීම බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්  සම කැබිනට් ප‍්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

 ‘‘මේ වාර්තාවේ බිලියන 11ක පාඩුවක් වී ඇති බව කියනවා. නමුත් මහ බැංකුව පර්පචුවල් සමාගමෙන් මේ වන විටත් බිලියන 12ක මුදලක් රඳවාගෙන තිබෙන නිසා නියම අලාභය බිලියන 11ක් නම් අලාභයක් වී නැහැ. බිලියනයක් වැඩිපුරත් රඳවාගෙන‘‘ යැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.