පිස්තෝලය අතට ගත් පොහොට්ටු අපේක්ෂක මැරයා සංධාන ආධාරකරුවෙකුට තඩි බායි

පිස්තෝලය අතට ගත් පොහොට්ටු අපේක්ෂක මැරයා සංධාන ආධාරකරුවෙකුට තඩි බායි
Spread the love

එළැබෙන මැතිවරණයේදී ගාල්ල මහ නගර සභාවට තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දේශප්‍රිය ලියනගේ මහතාගේ ආධාරකරුවෙකුට ඊයේ (28) රාත්‍රියේ 11.30ට පමණ දේශප්‍රිය මහතාගේ නිවසේ සිට ඔහුගේ නිවස කරා යමින් සිටියදී පහරදීමක් සිදු කර ඇති අතරපහරදීමෙන් බරපතල තුවාල ලැබු ආධාරකරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ පහර දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල කොට්ඨාශයට තරග වදින් අපේක්ෂක රත්නපාල සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙ‍නෙකු විසින් බව මේ වනවිට හෙළි වී ඇති අතරඅදාළ ආධාරකරුට පිස්තෝලයක් පෙන්වා බියවද්දා බරපතල ලෙස පහරදී ඇති අතර එම පුද්ගලයාගේ කෑගැසිමත් සමග අසල්වාසීන් පැමිණ මෙම පුද්ගලයා බේරාගෙන තිබේ.මේ සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.