චීවරදාරියෙකු සහ බුද්ධි අංශ නිලධාරියෙකු එක්ව 14 හැවිරිදි දැරියක් සමූහ දූෂණය කොට ගැබිණියක් කරලා; මේක රට ජාතිය වෙනුවෙන් කළ දෙයක් දැයි ගෝඨාගේ බයියෝ කියාවිද..?

චීවරදාරියෙකු සහ බුද්ධි අංශ නිලධාරියෙකු එක්ව 14 හැවිරිදි දැරියක් සමූහ දූෂණය කොට ගැබිණියක් කරලා; මේක රට ජාතිය වෙනුවෙන් කළ දෙයක් දැයි ගෝඨාගේ බයියෝ කියාවිද..?
Spread the love

වයස අවුරුදු 14 ක සිසුවියක්‌ සමුහ දූෂණයට ලක්‌ වී ඇය ගැබිනියක්‌ වීම සම්බන්ධයෙන් චීවරධාරියකු, යුද හමුදා බුද්ධි අංශයේ සෙබළකු සහ සිසුවියගේ පවුලේ ඥති සොහොයුරකු කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පසුගිය 29 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

සිසුවියගේ සමූහ දූෂණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුවියගේ ඥති සොහොයුරාගේ මවට සිසුවියගේ පියා පසුගිය 29 වැනිදා පහරදීම නිසා ඇය කුරුණෑගල ශික්‌ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පහරදුන් සිසුවියගේ පියා පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

ලිංගික අපයෝජනයට ලක්‌ වූ මෙම පාසල් සිසුවිය පොලිස්‌ පරීක්‌ෂණවලින් අනතුරුව පසුගිය 23 වැනිදා කුරුණෑගල ශික්‌ෂණ රෝහලේදී වෛද්‍ය පරීක්‌ෂණයට ලක්‌ කිරීමෙන් පසු ඇය ගැබිනියක්‌ බව තහවුරු වී ඇති බවත් ඇය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ළමා හා කාන්තා කාර්යාංශය පැවසීය.

ගැබිනියන් වී සිටින සිසුවියට ලිංගික අපයෝජන කළේ යෑයි පැවසෙන සැකපිට පොලිස්‌ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පසුගියදා (30 දා) කුරුණෑගල ශික්‌ෂණ රෝහලේදී අදාළ වෛද්‍ය පරීක්‌ෂණයකට යොමු කළ බවත් වෛද්‍ය පරීක්‌ෂණ ප්‍රතිඵල මත සැකකරුවන් කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට යොමු කළ බවත් පොලිසිය පැවසීය.