ICC චැම්පියන්ස් කුසලාන තරඟාවලිය පෙරළි රැසක ඇරඹුම බවට පත්වූ පකිස්ථාන කණ්ඩායම ඊයේ සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් චැම්පියන්ස් කුසලානයේ අවසන් සටනට සුදුසු කම් ලබාගැනීමට සමත් විය.
තරඟාවලියේ දුර්වලම කණ්ඩායම ලෙසින් තරඟාවලිය ඇරඹු පකිස්ථානය වාසනාව සහ දක්ෂතාව සමඟ අවසන් තරඟය කරා පැමිණීම අපුරු ගමනකි.ඉන්දියාවෙන් දරුණු පරාජයක් ලැබීමෙන් අනතුරුව යලි පිබිදුන පකිස්ථානය දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම් පළමු වටයේ පරාජයට පත් කල අතර සත්කාරක එංගලන්තය පරාජයට පත් කරමින් අවසන් තරඟයට සුදුසු කම් ලැබීමට සමත් විය.
පකිස්ථානය ICC ය සංවිදානය කරන ප්‍රදාන එක්දින තරඟාවලියක අවසන් තරඟයකට පැමිණියේ 17 වසරක අවසන් පුරව තරඟ ජයග්‍රහණ ඉඩෝරයකින් පසුවය.අවසන් වරට 1999 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟයට සුදුසු කම් ලැබූ පකිස්ථානයට ඉන් පසුවම එවැනි ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි වී ඇත.
ඊයේ එංගලන්තයට එරෙහිව පැවති තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 211 කට සීමා වූ අතර පකිස්ථාන ඉනිමේ කිසිම අර්ධ ශතකයක් වාර්තා නොවූ අතර වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගත් ජෝ රූට් ලකුණු 46 ලබාගැනීමට සමත් විය.පන්දු යැවීමේදී පකිස්ථාන වේගපන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනුනි.
ලකුණු 212 ක ජයග්‍රහණය හඹා යාමේදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් පකිස්ථාන පිතිකරුවන් ලකුණු 118 ක සම්බන්දතාවයක් පවත්වා ගත් අතර,තරඟයේ වැඩිම ලකුණු ලාභියා වෙමින් අසාර් අලී ලකුණු 76 ලබා ගැනීමට සමත් විය.
ජයග්‍රහණය හඹා යාමට පකිස්ථානයට අවශ්‍ය වුයේ පන්දු වාර 34.1 පමණක් වූ අතර ඒ වෙනුවෙන් පකිස්ථානය බිලිදුන්නේ කඩුලු 2ක් පමණි.


[rns_reactions]

