2:0ක් ලෙස කොදෙව් පිළ T20 තරගාවලිය ජය ගනී

2:0ක් ලෙස කොදෙව් පිළ T20 තරගාවලිය ජය ගනී
Spread the love

සංචාරක බටහරි ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (6) මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුළු 07ක පහසු ජයක් ලැබුවා. ඒ අනුව තරග දෙකකින් යුතු විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

කාසිසේ වාසිය දිනාගත් බටහිර කොදෙව් කණ්ඩායම පන්දුවට පහර දෙන ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුළු 06කට ලකුණු 155ක් වාර්තා කළා. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ යම් පමණකට හෝ සාර්ථක වූ දසුන් ශානක නොදැවී ලකුණු 31ක් සහ තිසර පෙරේරා නොදැවී ලකුණු ලකුණු 21ක් වාර්තා කළා.

ලකුණු 156ක පහසු ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 17කදී කඩුළු 03කට ලකුණු 156ක් වාර්තා කළා.

ශ්‍රී ලංකා ඉනිම

බටහිර ඉන්දිය කොදෙව් ඉනිම

Edit