ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය අද (10) දින තම කාර්යාලයට ලැබුණ බව කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කරමින් කතානායකවරයා පැවසුවේ ලබන සඳුදා තමා කර්යාලයට ගිය පසු එය විවෘත කර බලා ඔක්තෝබර් 20වනදා නැවත පාර්ලිමේන්තුව රැස් වු පසු එම නිගමනය පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි.

