2015 මැතිවරණ දෙකම ජයගෙන ආණ්ඩුව පිහිටුවන්න පුළුවං උනේ හරීන්ගේ අසීමිත කැපවීම නිසයි

2015 මැතිවරණ දෙකම ජයගෙන ආණ්ඩුව පිහිටුවන්න පුළුවං උනේ හරීන්ගේ අසීමිත කැපවීම නිසයි
Spread the love

එජාප ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කළ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ඊයේ (01) අරලියගහ මන්දිරයේ දී පත්වීමේ ලිපිය ප්‍රදානය කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් 2015 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වූයේත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ කැපකිරීම නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පැවැසීය.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

“එක්සත් ජාතික පක්‍ෂයේ අපි අලූත් නායකත්ව පරපුරක් බිහි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම පක්‍ෂයේ වැඩ කටයුතු වෙනුවෙන් නව නිලධාරීන් පත් කළා. එහි වැදගත් වගකීමක් වන්නේ මාධ්‍යයි. එක්සත් ජාතික පක්‍ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙසත්, එක්සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසත් හරීන් ප්‍රනාන්දු මහතා අප පත් කළා. ඒ මහතා මෙම තනතුරට සුදුසුම පුද්ගලයෙක් බව කිව යුතුයි.

රටේ ජනමාධ්‍ය ඇතුලු අනෙකුත් ජන සන්නිවේදන අංශ සමග එක්ව වැඩ කටයුතු කිරීමේ වගකීම එක්සත් ජාතික පක්‍ෂ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට බාර දී තිබෙනවා.”