2019 ජනපති අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක්

2019 ජනපති අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක්
Spread the love

2019 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහා සිය නායකත්වය ලබා ‍දීමට කැමැත්තක් පැවතියද 19 වන සංශෝධනය හරහා පවතින සීමා හේතුවෙන් සිතා බලා තීන්දුවක් ගැනීමට සිදුවන බව අද (12) ‘ද හින්දු’ පුවත්පත වෙත නව දිල්ලියේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එමෙන්ම ජනපති අපේක්ෂකයා සඳහා පවතින වයස් සීමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව 35 ට වැඩි වීමෙන් නාමල් රාජපක්ෂ මහතාට ජනපති අපේක්ෂකයෙකු වීමට නොහැකි බවත් බොහෝ දුරට  එම අපේක්ෂකයා තම සහෝදරයෙකු විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේ ය.  වැඩිදුරටත් රාජපක්ෂ මහතා පවසා සිටියේ එම තීරණය බොහෝදුරට තම පක්ෂය හා සන්ධානය විසින් ජනතාවගේ කැමැත්ත සළකා බලා ගනු ලබන තීරණයක් විය හැකි බවයි.

ද හින්දු පුවත්පත සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී 2019 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට  පිළිතුරු  දෙමින් රාජපක්ෂ මහතා එසේ කීය.