2021ක ටෝකියෝ ඔලිම්පික් උළෙලත් අවලංගු කිරීමේ අවදානමක් !

2021ක ටෝකියෝ ඔලිම්පික් උළෙලත් අවලංගු කිරීමේ අවදානමක් !
Spread the love

කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය දා 2021 වසර දක්වා කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල එම වසරේ ද පැවැත්විය නොහැකි නම් අත්හැර දැමීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා පවසා තිබේ.

මෙමවසරේ ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021 දක්වා කල් දැමීමට ජපන් රජය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කිරීම ලෝකයේම දැඩි අවධානය දිනාගත් සිදුවීමක් බවට පත්විය.

මේ අතර ජපාන අගමැති ෂින්සෝ අබේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ වෛරසයේ ව්‍යාප්තිය අඛණ්ඩව සිදුවන්නේ නම් 2021 දී Multi-sports event පැවැත්විය නොහැකි බවයි. ජපන් අගමැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අයිඕසී සභාපති තෝමස් බැච් Thomas Bach කියා සිටියේ ජපන් අගමැතිවරයාගේ ස්ථාවරය තමා තේරුම් ගත් බවයි.

“ඉතා අවංකව, මට මේ පිළිබඳව යම් අවබෝධයක් තිබෙනවා. මන්දයත් ඔබට සංවිධාන කමිටුවක 3,000 ක් හෝ 5,000ක් අඛණ්ඩව සේවයේ යෙදවිය නොහැකි බව මට වටහා ගත හැකියි” බැච් බීබීසීයට පැවසීය.

“ලබන වසරේදීත් ඔලිම්පික් නිසා ලොව පුරා සියලුම ප්‍රධාන සම්මේලනවල ක්‍රීඩා කාලසටහන වෙනස් කිරීමට ඔබට නොහැකියි. ඒ වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද දීර්ඝ කාලයක් අවිනිශ්චිත තත්වයක සිටිය නොහැකයි.”

තවදුරටත් ප්‍රමාද වුවහොත් බී සැලැස්මක් නොමැති බව අබේ පැහැදිලි කර ඇති බව බැච් පැවසීය.

ඔලිම්පික් උළෙල පැවැත්වීම ප්‍රමාද වීම නිසා ජපානයට ඩොලර් බිලියන 6 ක ආදායමක් අහිමි වනු ඇතැයි ගණන් බලා තිබේ

ඔලිම්පික් උළෙල පැවැත්වීම ප්‍රමාද වීම නිසා ජපානයට ඩොලර් බිලියන 6 ක ආදායමක් අහිමි වනු ඇතැයි ගණන් බලා ඇත.

මේ අතර ඔලිම්පික් උළෙල කල් දැමීම ජාත්‍යන්තර ක්‍රීඩා දින දර්ශනය ද අවුල් ජාලයකට ඇද දැමූ අතර  බොහෝ සංවිධානවලට ඔලිම්පික් උළෙල සඳහා ඔවුන්ගේ ලෝක ශූරතා කල් දැමීමට සිදුවිය.

‘ලබන වසරේදී ඔලිම්පික් උළෙල සංවිධානය කිරීමේදී ඩොලර් මිලියන 800 ක් දක්වා පිරිවැයක් දැරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අපේක්ෂා කරන බව‘ බැච් පවසයි. 

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, 2022 බීජිංහි ශීතඍතු ඔලිම්පික් උළෙල සහ පැරීසියේ 2024 ගිම්හාන ක්‍රීඩා සඳහා වැඩි කාලයක් ගතවනු ඇත.

පසුගිය මාසයේ ටෝකියෝ ක්‍රීඩා ප්‍රධානී යොෂිරෝ මෝරි විසින් ද බැච්ගේ ප්‍රකාශයම ප්‍රතිරාවය කළ අතර ඔහු කියා සිටියේ තවත් ප්‍රමාදයක් සිදුවුවහොත් එය අවලංගු කළ යුතු බවයි.

කොරෝනා වයිරසය ජපානයේ පුද්ගලයින් 17,100 කට වඩා ආසාදනය වී ඇති අතර එයින් 797 දෙනෙකු මියගොස් තිබේ.

දෙවන ලෝක යුද්ධය හේතුවෙන් 1944 දී අවසන් වරට ඔලිම්පික් උළෙල අවලංගු කරන ලද නමුත් වසර 124 ක නූතන ඔලිම්පික් ඉතිහාසයේ මීට පෙර ප්‍රමාද වී නොමැත.

අල් ජෂීරා වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ