21 දා රට අරින්න එපා – GMOA ජනපතිට කියයි

21 දා රට අරින්න එපා – GMOA ජනපතිට කියයි
Spread the love

දැනට රට තුළ ක්‍රියාත්මක වන සංචරණ සීමා 21 වෙනදා ඉවත් නොකරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. ඊයේ (19) යොමු කළ එම ලිපිය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙන්වා දෙන්නේ රට අඛණ්ඩව වසා දැමීමේ පියවර ඉදිරියට ගෙන යන ලෙසයි.

තව දුරටත් දෛිනක මරණ සංඛ්‍යාව 50 ඉක්වමා යන තත්වයක හා ඉන්දීය ඩෙල්ටා ප‍්‍රභේදය මෙරට සමාජයෙන් හමුවී ඇති තත්වය තුළ රට වසා දැමීම වඩාත් අවශ්‍ය පියවරක් යයිද එසේ නොකළහොත් පසුගිය අප්‍රේල් මාසයේ පැවැති වසංගත ව්‍යාප්ත තත්ත්වයට නැවතත් රට තල්ලු වී යනු ඇති බවද සිය ලිපිය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ටග් සංමගය ජනාධිපතිවරයාට කියා සිටී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපිය මෙසේය.