දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන සංචරණ සීමා ලබන 21 වැනිදා ඉවත් කරන්නේ ද යන්න තීරණය කරන්නේ ලබන 19 වැනිදා හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
කොරෝනා යනු නිතර වෙනස් වන තත්වයක් බැවින් සංචරණ සීමා ඉවත් කරන දිනය කල් තබා ප්‍රකාශ කළ නොහැකි බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
‘‘ලබන 21 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි රජය විශ්වාස කරනවා. කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි දිනවල සාධනීය වෙනසක් ඇතිවුවහොත් සාධනීය තීන්දුවක් ගන්නවා. ඒත් කොරෝනා යනු නිතර වෙනස් වන තත්වයක් නිසා සංචරණ සීමා ඉවත් කරන දිනය කල් තබා ප්‍රකාශ කළ නොහැකි‘ බව ද ඇමතිවරයා පැවසුවේය.