ඖෂධ මිලේ ඇත්ත තත්වය මේකයි.. ඉතින් කලබල වෙන්නේ ඇයි ?

ඖෂධ මිලේ ඇත්ත තත්වය මේකයි.. ඉතින් කලබල වෙන්නේ ඇයි ?
Spread the love

1958 දී ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියෙන් ප්‍රථම වරට පිදුම් ලද සේනක බිබිලේ ගැන ලංකාව හඳුනාගත්තේ ශ්‍රී ලංකාවට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ඇතිකිරීම සම්බන්ධයෙනි. අඩු ආදායම්ලාභී රෝගීන් හට සහන මිලට ඖෂධ ලබා දීමෙන් ඖෂධ වල වෙළෙඳ නාම වෙනුවට ඖෂධීය වෙළෙඳ නාම භාවිතා කිරීම සඳහා දැඩි උත්සාහයක් ගත්තේ මේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හරහාය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය ද මේ සඳහා යොමුවූ අතර එහි පැසසුමටද ඔහු පාත්‍ර විය. ඖෂධ ප්‍රතිපත්තිය හරහා පහර වැදුන වෙළෙඳපොල ක්‍රියාකාරීන් ඖෂධ මාෆියාවෙන් සේනක බිබිලේට නිර්භය ලෙස පහර දෙන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ 1977 සැප්තැම්බර් 26 වෙනිදා ගයනාවේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්වීමයි.

සේනක බිබිලේ ප්‍රතිපත්තිය වසර 40 කට අධික කාලයක් හමස් පෙට්ටියකට ගොස් තිබියදී එය ගොඩ ගෙන නැවත කරලියට ගෙන එන්නේ සෞඛ්‍ය ඇමති රාජිතය. රාජිත ඖෂධ 48 ක මිල අඩු කලේ බටහිර රටවලින් එන බාධක මැද්දේය. මිල අඩු කරන්නට සැරසෙන විට හැම තැනින්ම දෝෂාරෝපණ ගලා එන්නට විය. තර්ජන එල්ල විය. ඖෂධ මාෆියාකරුවන් විවිධ උපක්‍රම එල්ල කරඖෂධ මිල නතර කිරීමට නොයෙකුත් ගැට දැමීය. නමුත් යහපාලනය හෝ රාජිත එයට හිස නැමුවේ නැත. ඖෂධ මිල අඩු කලේය. දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වලින් පීඩා වින්ද රෝගීහු සැනසුම් සුසුම් හෙලීය. හොම්බෙන් යන බැහැල තිබුණු ආණ්ඩුව කෙලින් කලේ ඖෂධ මිල අඩු කිරීමෙනි.

ලෝක ආර්ථිකය කඩා ඇති මොහොතක ලංකාවේද ආර්ථිකයට පහර වැදී තිබිණි. ඩොලරය සීඝ්‍ර ලෙස ඉහල යන්නට විය. ඩොලරය වැඩි වීම ඖෂධ මාෆියාකරුවන්ට ලොතරැයියක් ඇදුනාක් මෙන් විය. රාජිත හමුවීමට ඔවුන් ආවේ දුන්නෙන් විදුනු හීයක් වාගේය. ඖෂධ මිල වැඩි කරන්න ඕනේ. නැත්නම් මේක කරන්න බෑ. ලොකු වැඩිවීමක් දෙන්න. ඖෂධකරුවන්ගේ ඉල්ලීම එය විය. බෑ එහෙම වැඩි කරන්න. මේ ගැන අධ්‍යයනයක් කරන්න ඕනේ. මෙය රාජිතගේ පිලිතුරය. වෙළෙඳපොල අධ්‍යයනයක් කිරීමෙන් පසු 5% ක් මිල වැඩි කිරීමට අවසරයක් දුන්නේය.

මාධ්‍ය වෙත මේ මාෆියාකරුවන් ගෙන ගියේ වැරදි මතයකි. ඔන්න ඖෂධ මිල වැඩි කරලා. නමුත් ඔවුන් එම මිල ගණන් වැඩි කලප්‍රතිශතය ගැන කිව්වේ නැත. ඇත්තටම පැරසිටමෝල් පෙත්ත මිල අඩු කල පසු තිබුණේ රුපියල් 1.30 කටය. මිල වැඩි කලාට පසුව එය රුපියල් 1.37 කි.ශත 7 කට ලෝක විනාශය වගේ කට්ටිය කෑගසන්නට පටන් ගත්තේය. දෙල් ගෙඩිය කොලයක් උඩට වැටිල ඒ සද්දේ ඇහිලා දුවපු හාවා කැලයම අවුල් කලා වගේ මේ ඖෂධ මාෆියාකරුවන් ජනතාව අවුස්සන්නට විවිධ සංවිධාන හරහා කටයුතු කලේය.

විවෘත ආර්ථිකයක් ඇති රටක ඩොලරය ඉහල යන විට ඊට සාපේක්ෂව මිල වැඩි වීම අතිශය සාමාන්‍ය දෙයකි. නමුත් මේ කාරණා ලොකු කරගෙන කතා ගොතමින් ජනතාව ඇන්දවීම නම් අතිශය පිළිකුල් සහගතය. අවුරුද්දක් මිල අඩු කර තිබූ ඖෂධ ගැන කතා නොකරපු අය 5% ලොකු කරගෙන කෑගැහුවේය. ඇත්තෙන්ම කල යුත්තේ කොරහේ කිඹුලෙක් දැකීම නොවේ. හොඳ දේට හොඳයි කීමය. ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ට ඖෂධ මාෆියාකරුවන්ට හිස එසවීමට ඉඩ නොදී අපේ එවුන් බේරා ගැනීමය.

උපුටා ගැනීමකි